කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පාර්ලිමේන්තුවේදී අද උදෑසන කළ ප්‍රකාශය
එක්සත් අරාබි එමීර් රාජ්‍යය හා ඕමානය වැනි රටවල සේවකයින් බදවා ගැනීම සදහා වන වීසා ලිහිල් කිරීම නිසා එම රටවල සේවා යෝජකයින් විසින් සංචාරක වීසා ලබාගෙන පැමිණෙන පුද්ගලයින් සිය සේවා ස්ථාන වෙත යොමු කිරීමත් පසුව එම වීසා රැකියා වීසා බවට පත් කිරිමටත් කටයුතු කරනවා. සේවා යෝජනකයින් බදවා ගැනීමේ පහසුව හා බදවා ගැනීමේ ක්‍රියාවලිය කාර්යක්ෂම කිරීම සදහාත් මේ ආකාරයට සංචාරක වීසා මත පැමිණෙන පුද්ගලයින් සේවා සදහා බදවා ගනු ලබනවා.
කෙසේ වෙතත් ඇතැම් ජාවාරම්කරුවන් සංචාරක වීසා භාවිතා කරමින් ගෘහ ආශ්රිත සේවා කටයුතු සදහා බදවා ගැනීම් කර තිබෙනවා. ඒ නිසා ඔවුන් ඒ රටවල හෝ ගමනාන්තයන් වන වෙනත් ස්ථානයන්හි අතරමංවී තිබෙනවා. විවිධ දුෂ්කරතාවයන්ට මුහුණදී තිබෙනවා. එවැනි කාන්තාවන් නැවත ලංකාවට ගෙන්වා ගැනීමේදී වගකිව යුතු බවදවා ගැනීමේ ආයතනයක් හෝ අතරමැදියන් සොයා ගැනීමත් තානාපති කාර්යාලවලට දුෂ්කරවී තිබෙනවා. අතරමැදියන් විසින් විශාල ගාස්තු අය කරමින් මෙම කාන්තාවන් බදවාගෙන ඇති බව අනාවරණය වී තිබෙනවා. ඇතැම් අවස්ථාවලදී එක් රටකින් තවත් රටකට දේශ සීමා හරහා ගෙන යන අවස්ථාවන් දක්නට ලැබෙනවා.
ඕමාන හා එක්සත් අරාබි එමීර් රාජ්ය්යෙය් සුරක්ෂා නිවාසවල රදවා සිටින පුද්ගලයින් සම්බන්ධයෙන් වන ඉල්ලීම් ශ්‍රී ලංකා දූත මණ්ඩල හරහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට ඉල්ලිම් ඉදිරිපත්ව තිබෙනවා. ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිවී ගිය 12දෙනෙක් හා සංචාරක වීසා මගින් වෙනත් කටයුතු සදහා පිටත්ව යන බව හගවමින් පිටත්ව ගිය තවත් 65 දෙනෙක් ලෙස 77 දෙනෙක් ඕමාන්හි සුරක්ෂා නිවාසවල සිටිනවා. එක්සත් ආරාබි එමීර් රාජ්යෙයේ සුරක්ෂා නිවාසවල සංචාරක වීසා මගින් ගිය හත් දෙනෙක් සහ ලියාපදිංවී ගිය හැත්තෑ දෙනෙක් ලෙස 77 දෙනෙක් සිටිනවා. සුරක්ෂා නිවාසවල සිටින සම්පූර්ණ සංඛ්‍යාව එක්දහස් පන්සියය, දෙදහස දක්වා ඉහළ ගොස් තිබූ නමුත් දැන් එම සංඛ්‍යාව අඩු කරගෙන තිබෙනවා.
සංචාරක වීසා මත, ව්‍යාජ කරුණු පවසා ලංකාවෙන් පිටත්ව ගිය අය නැවත ලංකාවට ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් ගැටලුකාරී තත්වයන් ඇතිවෙනවා. සංචාරක වීසා කාලය ඉවත්ව ගිය දිනකට ඕමාන් රියාල් පහ බැගින් විශාල මුදලක් ගෙවීමට සිදුව තිබෙනවා. සමහර විට සේවා යෝජකයින්ගෙන් මුදල් ලබාගෙන ඇති නිසා එක් අයෙක් ගෙන්වා ගැනීමට රුපියල් ලක්ෂ දහය දක්වා වන මුදල් ගෙවීමට සිදුව තිබෙනවා. ශ්‍රී ලාංකික කාන්තාවන්ට රැකියාවලදී ඇතිවන ගැටලු සම්බන්ධයේන අපි තීන්දු ගත්තා.
ඒ අනුව මේ රටවලට සංචාරක වීසා මගින් එම රටවල රැකියාවට යාම නතර කිරීමට කටයුතු කරනු ලැබුවා. ඒමාසයකට පමණ පෙරදී. ඒ වගේම ස්වයං මාර්ගයෙන් ගෘහ සේවයට යාම ලියාපදිංචි කිරීම නතර කරනු ලැබුවා. සංචාරක වීසා මත විදේශ ගත වන කාන්තාවන් සම්බන්ධයෙන් වන විමර්ශන වැඩි කිරීමටත්, නීතිමය පියවර ගැනීමත් දැඩි කළා. සංචාරක වීසා මගින් කාන්තාවන් රැකියා සදහා විදේශ ගත කරන පුද්ගලයින් හදුනාගෙන විදේශ සේවා නියුක්ති කාර්යාංශ පනත අනුව කටයුතු කරමින් සිටිනවා. මේ වන විට සිදුවීම් 190ක් සම්බන්ධයේන අධිකරණයට කරුණු වාර්තා කර පුද්ගලයින් විශාල පිරිසක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මේ වර්ශයේදී ස්ථාන 25 ක් සාර්ථකව වටලා තිබෙනවා. පොලීසිය මගින්ද සැකකරුවන් රාශියක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පෙරේදා දිනයේදී විශාල පරිමාණයෙන් සංචාරක වීසා මත රැකියා සදහා කාන්තාවන් යැවූ පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබුණා. ඒ වගේම එකසිය ගණනක් සංචාරක වීසා මත රැකියාවට යැවූ කාන්තාවක් ඊයේ දිනයේදී අත්අඩංගුවට ගනු ලැබුවා.
වර්තමානයේ මේ තත්වය සැලකිල්ලට ගනිමින් කැබිනට් අනුමැතිය ලබාගෙන සුරක්ෂා නිවාසවල සිටින රැදවියන්ගෙන් අපරාධ පරීක්ෂණ දොපර්තමේන්තුවට ප්‍රකාශ ලබාගෙන, කවුද යැව්වේ, කවුද තැරැව්කරුවන් බවට පත්වෙලා හිටියේ යන්න සොයාගෙන නීතිමය පියවර ගැනීමට කටයුතු කරනවා. මේ අය ලංකාවට ගෙන්වා ගැනීමට අවශ්‍ය මුදල් විදේශ සේවා නියුක්ති කාර්යාංශය හරහා වැය කිරීමට අවශ්‍ය අනුමැතිය ලබාගත්තා. ඒ වගේම මේ වගේ ජාවරම්කරුවන්ට එරෙහිව නීතිමය පියවර දැඩි කිරීමට මහජන ආරක්ෂඛ අමාත්‍යාංශය සමග එක්ව වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරනවා. ඒ වගේම විදේශ කටයුතු ඇමැතිතුමා සමගත් මේ සම්බන්ධයෙන් කටයුතු කරමින් සිටිනවා.
නිවරදි ක්‍රමවේදයක්, පූර්ව පරීක්ෂාවකින් පසුව පමණක් විදේශ රැකියා ඒජන්සි සදහා බලපත්‍ර ලබාදීමට අපි කටයුතු කරනවා. ඒ නිසා තමයි දැනට බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව නතර කර තිබෙන්නේ. එ් වගේම සංචාරක වීසා වලින් රැකියා සදහා පිටත්ව නොයන ලෙසට වන දැනුවත් කිරීම සදහාත් අපි කටයුත කරනවා.
විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ එකසිය පනහක කාර්ය මණ්ඩලයෙන් එකසිය පනස් දෙනෙක් ධූත සේවාවන් සදහා පත් කළ යුතු වෙනවා. ඒත් දැනට තානාපති කාර්යාලවල සේවය කරමින් සිටින්නේ හතලිස් දෙනෙකුගේ කණ්ඩයමක් පමණයි. කාර්යාලවල වැඩ කටයුතු කිරීමට අපහසුතා ඇතිවෙලා තියෙනවා. තවත් පනහක කණ්ඩායමක් තාවකාලිකව ඉදිරියට යැවීමට අපි කැබිනට් අනුමැතිය ලබාගෙන තිබෙනවා.
සංචාරක වීසා මගින් කාන්තාවන් රැකියා සදහා පිටත් කර යැවීම් සම්බන්ධයෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශය දිගින් දිගටම විමර්ශන කටයුතු සිදුකරමින් සිටියා. මේවා නිරන්තරයෙන් සිදුවන වැඩ කටයුත්තක් ලෙස තමයි ක්‍රියාත්මක වුනේ. මාධ්‍යෙය් ගියාට පස්සේ මේවා ආරම්භ කළා නෙමෙයි. සංචාරක වීසා මගින් රැකියා සදහා පිටත්ව යාම ලියාපදිංචි කිරීම නතර කළේ මාසයකට පමණ පෙරදීයි. ඊයේ අත්අඩංගුවට ගත් කාන්තාව අත්අඩංගුවට ගැනීමට අධිකරණය නියෝග ලබාගත්තේ දැනට මාසයකට පමණ පෙරදීයි. මේ වන විට මාධ්‍යය මගින් ලබාදෙන ප්‍රචාරය නිසා මේ ජාවාරම්කරුවන්ට විරුද්ධව කටයුතු කිරීම අපට පහසු වී තිබෙනවා. අපි මතෛක් කල් තනිව කළ වැඩ ශක්තිමත්ව කරගෙන යාමට මාධ්‍යෙයන් ලැබෙන්නේ ශක්තියක්.
මාධ්‍ය කියන නිසා නෙමෙයි අපි වැඩ කරන්නේ. අපි කරන වැඩ කටයුතුවලට මාධ්‍ය සහාය ලබාදෙනවා.
තානාපති කාර්යාලයේ සේවය කරන පුද්ගලයෙක් සම්බ්නධයෙන් චෝදනාවක් තිබෙනවා. අපි මේ වන විට ඔහුගේ වැඩ තහනම් කරලා, තානාපති සේවයේ කටයුතු අත්හිටුවා ලංකාවට ගේනවීමට කටයුතු කර තිබෙනවා. ලංකාවට එන විට ඔහු අත්අඩංගුවට ගෙන පරීක්ෂණ කරනවා. මොහටු එල්ලවී තිබෙන්නේ චෝදනාවක්. මේ පැමිණිලි කරන අයත් නීති විරෝධීව සංචාරක වීසා මගින් රැකියා සදහා පිටත්ව ගිහින් තිබෙන්නේ. අපි කාට වුනත්, තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරනවා. එම නිලධාරියා කවුරු වුනත් අපි නීතිය ක්‍රියාත්මක කර තිබෙනවා. මේ පරීක්ෂණ කරන්නේ මොනම මාධ්යයකවත් යන්න කලින් අපි ගත් පියවර අනුවයි. විදේශ සේවා නියුක්ති කාර්යාංශය ජනාධිපතිතුමාගෙන් කරපු ඉල්ලීමක් අනුව මාස දෙකකට කලින් පරීක්ෂණ කණ්ඩයමක් ඒ රටට යනවා. ඒ අනුව තමයි මෙම කරුණු අනාවරණය කරගෙන තිබෙන්නේ.