ඊයේ (22) දිනයේ පැවති පාපන්දු ලෝක කුසලාන තරඟාවලියේ දී ප්‍රබල ආජන්ටිනා කණ්ඩායම පරදවා සෞදි අරාබි කණ්ඩායම විශිෂ්ඨ ජයග්‍රහණයක් වාර්තා කරන ලදී.
මෙම සතුට සැමරීම සඳහා එරට සල්මන් රජු විසින් සෞදි අරාබියේ සියලුම සේවකයන්ට සහ පාසල් සිසුන්ට අද (23) දිනය නිවාඩු දිනයක් බවට ප්‍රකාශයට පත්කර ඇත.
ප්‍රබල ආර්ජන්ටිනා කණ්ඩායම තරඟ 36ක් ජයග්‍රහණ ලබමින් පැමිණි විජයග්‍රාහී ගමන සෞදි අරාබි කණ්ඩායම විසින් පරාජයට පත්කරන ලද්දේ ගෝල 02ට 01ක් ලෙසයි.
මේ අතර පෘතුගාල කණ්ඩායමේ ඉදිරිපෙළ ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ මැන්චෙස්ටර් යුනයිටඩ් කණ්ඩායමෙන් ඉවත් වීමට තීරණය කර ඇත.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ කණ්ඩායමේ කළමනාකරු සමඟ ඇති වූ මත ගැටුමක් හේතුවෙන් බවයි.
කෙසේ නමුත් මෙම ඉවත් වීම එම කණ්ඩායමට සිදුවන විශාල අවාසියක් විය හැක.රොනාල්ඩෝ යනු සමස්ත ලෝකයේම අවධානය දිනාගත් ඉතා දක්ෂ ක්‍රීඩකයෙක් වන බව සැවොම දන්නා කරුණකි.මෙම තත්ත්වය ඉදිරියේදී පෘතුගාල කණ්ඩායමට විශාල අවාසිදායක තත්ත්වයකි.