එක්ස්ප්‍රස් පර්ල් නැව ලංකා මුහුදේ ගිනිගෙන දැනට වසරකට වඩා වැඩි කාලයක් ගතවී ඇත. ඒ සදහා නැව් සමාගමෙන් ලැබුණු බිලියනයක් පමණ වූ වන්දි මුදල් තවම නොලැබීම සහ මිය ගිය කැස්බෑවන් සදහා කිසිදු පරීක්ෂණය සිදු නොකිරීම පිළිබඳ පරිසර විද්යාභු ආචර්ය අජන්තා පෙරේරා ලංකාදීප ඔන්ලයින් කළු සුදු විත් ප්‍රගීත් සමග සිදුකල සාකච්ඡාවෙදී කරුණු අනාවරණය විය.
මෙතුමිය සදහන් කරන ආකාරයට වන්දි මුදල් නොලැබීමට වඩා එම මුදල් ලබාගැනීමට රජයට උවමනාවක් නොමැති බවක් පෙන්නුම් කරන බවයි. වන්දි මුදල් ලබාගැනීමටනම් දත්ත සියල්ල එක්රැස් කර අවශ්‍ය වන්දි ප්‍රමාණයද සදහන් කරමින් “මිපා” නමැති ආයතනයෙන් වාර්තාවක් සකස් කරගත යුතුය. නමුත් මේ ආයතනය ඒ වගකීම පැහැර හරිමින් විශාල මුදලක් ගෙවමින් වෙනත් රටකට භාරදී ඇති බව ඇය සඳහන් කරන ලදී.
මේ පිළිබඳ ඇස්තමේන්තුව සකස් කිරිමට රුපියල් බිලියන් තුනකට අසන්න මුදලක් රැගෙන ඇත.නමුත් තවමත් ඒ ඇස්තමේන්තුව සකස් කර නොමැත. ඒ මුදල් වලට සිදුවුයේ කුමක්ද යන්න තවමත් නොදන්නා බවද ඇය පවසන ලදී. මෙම වන්දිය ලබාගැනීමට රජයට උවමනාවක් නොදක්විමටහේතුව මෙය බව ඇය පවසයි.
මේ විනාශය හේතුවෙන් විශාල පරිසර හා මුහුදු හානියක් මෙන්ම ධීවර කර්මාන්තයටද විශාල හානියක් සිදුවී ඇත. ඒ හේතුවෙන් මෙම මුදල අනිවාර්යෙන්ම අවශ්‍ය බවද ඇය පවසන ලදී .මේ රටේ සිටින පාලකයන් මේ තරම්ම වංචා සහගත වන්නේ මන්ද යන්න ඇයට තිබෙන බලවත් පැනයක් බව එතුමිය මෙම සාකච්ඡාවෙදී සඳහන් කරන ලදී.
මේ එක්ස්ප්‍රස් පර්ල් නැව සම්බන්ධයෙන් සිදුවූ ප්‍රශ්ණයට වගකිවයුතු ප්‍රධාන ආයතනය ලෙස” මිපා” නමැති ආයතනය බව ඇය පවසන ලදී.එයට හේතුව සමුද්‍රය ආරක්ෂා කිරීමට විෂය පිළිබද කිසිදු දෙයක් නොදන්නා නීතිඥවරියක් සහ ඇමතිවරයා ලෙස ගොඩහේවා මහතා මෙහි ප්‍රධානින් බවට පත් කිරීම බව ඇය වැඩිදුරටත් පවසන ලදී.
මේ පිළිබද ප්‍රශ්ණ වෙනත් රටකට භාර නොදී අපේ රටේ නාරා නමැති ආයතනය හා සම්බන්ධවී නියමාකාරයෙන් පරීක්ෂණ සිදු කලේනම් මේ වනවිටත් ජාත්‍යන්තරයෙන් මුදල් ලබාගෙන ඇති බව අචාර්ය අජන්තා පෙරේරා මෙම සාකච්ඡාවේදී පැවසු අතර, ඇය මෙම වන්දි මුදල ලබාගැනීමට නඩුවක් ඉදිරිපත් කල නමුත් එය දවසින් දවස කල් ගොස් තිබේ . එසේම නඩුව තීන්දු වීමට අවුරුද්දකට අධික කාලයක්ද ගොස් තිබේ . මේ සියල්ල හිතාමතා කල බවද ඇය පවසයි.
මෙම නැව ගොඩ ගෙන ඉවත් කිරීමට චීන සමාගමකට භාර නොදී අපේ නාවික හමුදාව සහ ධීවරයින්ට භාර දුන්නේනම් මෙතරම් මුදලක් නොයා මේ වනවිටත් සියලු කටයුතු අවසන් බව ඇය පසයි. මුහුදු පත්ලේ මේ විශ රසායනික ද්‍රව්‍ය පවතින තාක්කල් මුහුද තුල විශාල විනාශ කම් රැසක් සිදුවන අතර මුහුදේ සිටින සතුන්ටද විශාල ලෙස හානි සිදුවේ.
එතුමිය අවසාන වතාවට පවසන ලද්දේ,එතුමියට හැගෙන ලෙස ලංකාව පුදුමාකාර ලෙස පසුබසින රටක් බවයි .