පසුගිය 24 වනදා පැවති මාධ්‍ය සාකච්ඡාවකට පැමිණි ටිල්ව්න් සිල්වා මහතා කියා සිටියේ රනිල් වික්‍රමසිංහ ජනපති වූයේ අහම්බයකින් බවයි.ජනතා චන්දයෙන් පත්ව ආ මහින්ද රාජපක්ෂ මහතාට දැවැන්ත මහජන විරෝධයක් නිර්මාණය වූ අතර එයට මුහුණ දිමට නොහැකි ව ඔහු රටින් පැනගිය අතර හිස්වූ තනතුරට මහින්දගේම ආරක්ෂාව සදහා රනිල් වික්‍රමසිංහ පත්කෙරු බවයි.
රාජපක්ෂගෙන් පිනට ලැබුණු ඇමතිකම රැකගැනීමට නම් රාජපක්ෂලා සතුටු කල යුතුය. එම නිසා ඔහු සැමවිටම අරගලයට දොස් කියයි. රටේ ජනතාවගේ ප්‍රශ්ණ,බංකොලොත් දේශපාලන ගමන වෙනස් කිරීමට රනිල් වික්‍රමසිංහට හැකියාවක් නොමැති බවද මෙතුමා මෙහිදී පවසන ලදී.
ටිල්වින් සිල්වා පවසන ආකාරයට පිඩාවට පත්ව ඒවාට විරුද්ධව නැගීසිටින ජනතාව බියවද්දා ඔවුන්ට නීතිමය ආධිපත්‍යය පෙන්වා ඔහුට ලැබුණු තාවකාලික ජනපතිකම රැකගනිමට පමණක් උත්සහ කරන අතර ඔහුට රට හැදීමට කිසිම හැකියාවක්වත් උත්සාහයක්වත් නොමැති බවත් ඔහු මෙම සාකච්ඡාවේදී පවසන ලදී.