පසුගිය දින මාධ්‍ය සාකාච්චාවකට පැමිණි අරගලයේ නිර්පාක්ෂික භික්ෂු එකමුතුවේ නායකත්වය ගෙන කටයුතු කරන කබුරුපිටියේ රතනසිරි හිමියන් සදහන් කරන ලද්දේ අවරුදු 70 කට ආසන්න කාලයක් මේ රටේ විනාශයට දේශපාලකයින් සහ දේශපාලකයන් පිටුපස ගිය වහල් මහානායක භික්ෂුන් වහන්සේලාද වගකිව යුතු බවයි.
උන් වහන්සේ තව දුරටත් සදහන් කලේ පිනට පහල වූ ජනපති කම රැකගැනීමට රනිල් දැවැන්ත උත්සාහයක නිරතවන බවයි. එසේම ඒවාට සහය දෙන රනිල්ට කඩේ යන හාමුදුරුවරු ටිකක් සහ දේශපාලන නිලධාරීන්ද රැසක් සිටින බවද රතනසිරි හිමියන් පවසන ලදී.
මෙහිදී වැඩි දුරටත් සඳහන් කලේ එකතුවී රටේ අහිංසක දරුවන්ට රැකියා ලබාදිමට රටේ කෘෂිකර්මාන්තය නගා සිටුවිමට රට දියුණු කිරිමට කිසිදු උත්සහයක් නොකරන අතර රටේ අහිංසක මිනිසුන් ගණිකා වෘර්තින්ට විකුණා රටේ සම්පත් විනාශ කර රට තව තවත් විනාශයට ඇද දමන බවයි . චන්ද කාලයට මේ හාමුදුරු වරුන්ට නොයෙක් වරප්‍රසාද ලබාදී රට ගිනි ඇවිලීමට දැවැන්ත වැඩ පිළිවෙලක් මේ සියලු දෙනා ගෙනියන අතර එයට විරුද්ධව නිර්පාක්ෂික භික්ෂු එකමුතුවේ අප අදත් හෙටත් ඉදිරියටත් සිටින බව හිමියන් අවසන් වරට පවසන ලදී.
මේ වන විට මුළු රටම දන්නා පරිදි බුද්ධාගම අන්තයටම පිරිහී ඇත.එයට බලපාන ප්‍රධානම හේතුව වන්නේ මහානායක හිමිවරු බව මාධ්‍ය සාකාච්චාවට පැමිණි අරගලයේ නිර්පාක්ෂික භික්ෂු එකමුතුව සිටින තවත් හිමිනමක් විසින් පවසන ලදී. දේශපාලකයන් වටේ සිටින මෙම භික්ෂුන් වහන්සේලාගේ අරමුණ රටේ අහින්සක මිනිසුන් දුක්ඛිත ජිවිතයෙන් මුදවා නිර්වාණය අවබෝධ කිරිමට ධර්මය දේශණා කිරීම නොව මිනිසුන්ගේ සැබෑ ප්‍රශ්ණ යට ගසා මිනිසුන් නොමග යැවීමයි.රටේ සියලු ප්‍රශ්ණ කෙටියෙන් විසදීමට සියලු දෙනා නැවත බුද්ධිමත් ලෙස සිතා නැගිසිටිය යුතු අතර එවිට ජනපති රනිල්ට සිදුවන්නේද හිට්ලර්ට සිදු වූ දෙයම බව මේ හිමියන් විසින් අවසන් වරට ප්‍රකාශ කරන ලදී.