මොරටුව ප්‍රදේශයේ පිහිටා ඇති ප්‍රධාන පෙළේ පාසලක දූෂිත විදුහල්පතියෙකුගේ අසික්කිත වැඩක් ගැන අපට වාර්තා විය. දැරිවියකගේ දිවි කෙළෙසූ මේ කාමාතුරයා පිළිබඳ කරුණු මේ වන විට අදාළ අංශ සදහා යොමු වී හමාරය.
ඒ අනුව මොරටුව ශාන්ත අන්තෝනි විදුහලේ 10 ශ්‍රේණියේ ඉගෙනුම ලබන දැරියක මෙසේ පනාගොඩගේ රවීන්ද්‍ර ජයලත් ඇන්තනී ප්‍රනාන්දු නැමති විදුහල්පති අතින් අතවරයට ලක්ව තිබෙන බව පොලිසිය වෙත පැමිණිලිකර තිබේ.
අදාළ පැමිණිල්ලේ සඳහන් පරිදි 2022.09.21 වන දින පාසැලේ 10 වසරේ සිසුවියට පරිඝණක කාමරය වෙත එන ලෙස විදුහල්පතිවරයාගේ පණිවුඩය ගෙනැවිත් ඇත්තේ එම පංතියෙම පිරිමි ළමයෙක් වන අතර එමෙම දැරිවිය පරිගණක කාමරවය වෙත ඇතුළු වූ පසු විදුහල්පතිවරයා ඇයගේ මුඛ ආවරණයද ටයි පටයද ගලවා ඇයගේ ඇඟ පත අත ගා ඇති අතර , ඇයට ලංව සෙල්ෆියක්ද ඔහුගේ ජංගම දුරකතන කැමරාවෙන් ගෙන ඇත. ඉදිරියෙත් ඔහු වෙත ආ යුතු බවත් නාවොත් ලබා ගත් ජායාරූ ප්‍රසිද්ධ කරනා බවත් කියමින් මෙම බාළ වයස්කාර ගැහැණු ළමයාව බිය වද්දවා ඇති බවත් 2022.09.22 සිසුවියට විදුහල්පතිවරයාගේ පණිවුඩය ගෙන එන්නේ එම පංතියේම තවත් සිසුවෙක් බවත් පරිඝණක කාමරයට ගිය ඇයට පෙර සේම ලිංගික අතවර කර ඇති බවත් 2022.09.23 පණිවුඩකරු පළමු පණිවුඩය ගෙන ආ සිසුවාමයයි බවත් කියැවේ.
මොරටුව කඩලාන පදිංචි ,කලකට පෙර මොරටුව ශාන්ත අන්තෝනි දේවස්ථානයේ දහම් පාසලේ ගරුවරයෙක් ද වූ පනාගොඩගේ රවීන්ද්‍ර ජයලත් ඇන්තනී ප්‍රනාන්දු (විදුහල්පතිවරයා) යුධ හමුදා සේවයේ සිටි /ස්වේච්ඡා සේවයේ අයෙක් බව ඔහු විසින් කියා ඇති බව කියවේ.
මොරටුමුල්ල පොලීසිය විසින් අධිකරණය වෙත කරුණු වාර්තා කර ඇති අතර 2022.09.17 සිට 2022.09.26 තෙක් අදාල විදුහල්පතිවරයා (පනාගොඩගේ රවීන්ද්‍ර ජයලත් ඇන්තනී ප්‍රනාන්දු ) රක්ෂිත බන්ධනාගාර ගත වී ඇත. නඩු අංකය 2389 . මී ළඟ දිනය 2022.11.30 .
කළාප කාර්යාලයය විසින් සිසුවියට වෙනත් පාසැලක් ලබා දී ඇති අතර බප/පිළි/ ශා. අන්තෝනි විදුහලේ වැඩ බැලීමට ගුරුවරයෙක් පත් කර ඇති අතර මෙම අපයෝජකයාව මේ වන විට වැඩ තහනමකට ලක් කර ඇත.
අදාළ සිසුවියගේ පංතියේම තවත් සිසුවියක්ද මෙසේ මෙම විදුහල්පතිවරයාගේ පණිවුඩ ලබා ඔහු හමුවට ගොස් ඇති බවත් , එම සිසුවියගේ මව ශා.අන්තෝනි දේවස්ථානයේ කන්‍යාරාමයට සම්බන්ධව රැකියාවක් කරන බවත් , 2022.09.21 නාම ලේඛණය පවා මේ වන විට වෙනස් වී ඇති බවත් කියැවේ.
අදාළ කට උත්තර ලබා දුන් සිසුන්ට පංති භාර ගුරුවරයා (ධනුක ) බැන තර්ජනය කර ඇති අතර සිසුන්ගේ දෙමවුපියන් මොරටුමුල්ල පොලීසියට පැමිණිළි කර ඇති බවත් පාසැලේ සිසුන්ගේ දෙමවුපියන් කැඳවා රැස්වීමක් පවත්වා මෙම විදුහල්පතිවරයාව යළි පාසැලට ලබා දෙන ලෙසට ලියා බළපෑම් කර අත්සන් ලබා ගෙන ඇති බවද කියැවේ.මෙවැනි කාමාතුර මනස විකෘත්ති වූවෙක් යළිත් විදුහලක් පාලනය කිරීම සඳහා ලබා දීමට මෙම ගුරුවරුන් තවත් බලපෑම් කරන්නේ කුමන ආකල්යපයක් මතද යන්න සිතා බැලිය යුතුව ඇත.
මේ අතර නවතම ආරංචි මාර්ග සඳහන් කළේ පසුගිය නොවැම්බර් මස 21 වනදා කලාප කාර්යාලයෙන් ද නිලධාරියෙක් පැමිණ රැස්වීමක් පවත්වා මෙම කාමුක විදුහල්පති යළි පාසලට ගෙන්වන ලෙස ඉල්ලා බලහත්කාරයෙන් මෙන් දෙමාපියන්ගෙන් ලිපියක් අත්සන් තබාගෙන තිබෙන බවයි.
තම විදුහලේ දරුවන් බිල්ලට ගන්නා මෙවැනි මෘර්ගයෙක් යළි පාසලට ගෙන්වා ගැනීම තුළින් මීටත් වඩා විනාශයක් අත ළඟට ගෙන්වා ගැනීමක් වැන්නක් බව මෙම ගුරුවරුන්ට වැටහෙන්නේ නැතුව ද නැතිනම් ඔවුන් යම් බලපෑමකට නතුව සිටින්නේ ද යන්න සැක සහිතව.කෙසේ වුවත් මෙම විදුහල්පතිගේ අපරාධය සාක්ෂි ඇතිව ඔප්පු වී තිබියදී තවත් මොවුන් පාසල එම මෘර්ගයාටමබිල්ලට දීමට සිතයි.
මෙම අපරාධ සඳහා නිසි දඬුවම් අදාළ විදුහල්පතිට මෙන්ම දරුවන්ට සහ දෙමාපියන්ට තර්ජනය කරමින් බලපෑම් සිදුකරන ගුරුවරුන් ද සොයා ලබාදිය යුතුව ඇත.අප මීට ඉහතදි මෙවැනිම ප්‍රසිද්ධ පාසලක සිදු වූ ළමා අපචාර සිදුවීමක් සම්න්ධයෙන් වාර්තා කරන ලදී.
ඒ රත්නපුර ඇලෝසියස් විද්‍යාලයේ සිදු වීමයි.එම විදුහල්පතිවරයා ද පාසල් සිසුන් කිහිප දෙනෙකු අපයෝජනයට ලක් කළ අතර මෙම සිදුවීමේදී ද මෙවැනිම වූ ගුරුවරුන් සහ ආදි ශීෂ්‍යයින් පිරිසක් විසින් එම විදුහල්පතිවරයා නිදොස් කිරීමට උත්සහ දරන ලදී.
මෙම සිදුවීම ද ඊට දෙවනි නොවනු ඇත.නමුත් මෙම ගුරු වැඩිහිටියන් විසින් මෙවැනි අවස්ථාවකදී කටයුතු කළ යුත්තේ මෙසේද? හයක් හතරක් නොතේරෙන පුංචි එවුන් බිල්ලට ගන්න කාමාතුරයන් ආරක්ෂා කිරීම පසෙකලා අසාධාරණයට ලක්වූ දරුවන් වෙනුවෙන් පෙනීසිටිය යුතුව ඇත.