පැරිෂුට් එකෙන් පූජනීය බිමකට පාත්වූ දම්සක් ලොක්කෙකුගේ විස්කි බ්‍රැන්ඩි ජාවාරමක් පිළිබඳ තොරතුරු වාර්තා වී ඇත.
මොහු මහනුවර ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් වන නමුත් මොහුගේ කෙරුවාව නම් එම ජ්‍යෙෂ්ඨ නිලධාරීකමට වඩා පහත් ය.
මොහු තමන්ගේ වැයික්කියේ දම්සක් මුල් පුටුව හොබවන තරු දම්සක්ලාගෙන් විස්කි බ්‍රැන්ඩි එකතු කරන බවට අනාවරණය වී තිබේ.එහෙම එකතු කරන විස්කි බ්‍රැන්ඩි නදියක් අසබඩ අනවසරයෙන් පවත්වාගෙන යන අවන්හලට තොග පිටින් විකුණයි.
බෞද්ධ රටක් වන මෙරට පොහෝ දිනවලදී දිවයින පුරා බාර් වසා දැමීමට කටයුතු කරයි.නමුත් මෙම අවන්හලේ නම් පෝය දිනයේදීද රහමෙර අලෙවිය ජයටම සිදුවනවාලු.
නමුත් මේවා වැටලීමට මෙම ජ්‍යෙෂ්ඨ දම්සක් තහංචි දමනවලු.
දිවයිනේ සෑම ප්රදේශයක්ම නියෝජනය වන අයුරින් පොලිස් ස්ථානයක් සහ ඒ සඳහා සේවයට පොලිස් නිලධාරී කණ්ඩායමක් පත් කර ඇත්තේ එම ප්‍රදේශවල නීතිවිරෝධී දෑ සිදුවීම පාලනයට සහ නීති විරෝධී ක්‍රියා සිදු කරන්නන් වටලා නීතිය ඉදිරියට ගෙන ඒමට ය.
නමුත් මහනුවර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා වශයෙන් කටයුතු කරන (මෙම කොටස පහතින් නිවැරදි කර ඇත) මොහුගේ ක්‍රියාකලාපය නම් ඊට හාත්පසින්ම වෙනස් වූවක් බවට අනාවරණය වී ඇත.
බාර් වසා දමන පෝය දවසටත් මෙහි මෙම ජාවාරම කරගෙන යන්නේ ජ්‍යෙෂ්ඨ දම්සක්ගේ කරට අත දාගත්තු නිර්මල හදවතක් ඇති අයෙක්ලු.කාට කීවත් වැඩක් නැහැලු.ලොකු දම්සක්ලා මිනිහගේ ගජයන්ලු.
විස්කි බ්‍රැන්ඩි සපයන පොඩි දම්සක්ලාට ජ්‍යෙෂ්ඨ දම්සක්ලාගෙන් හොඳ පැසසුම් ලැබෙද්දී මේවා කාට කියන්නද කියා සෝසුසුම් හෙළන පොඩි දම්සක්ලා ද සිටිති.
රටේ නීතිය හා සාමය ආරක්ෂා කිරීම සඳහා බැඳී සිටින මෙම නිලධාරීන්ගේ ක්‍රියා කලාපයන් මෙසේ වන විට රටට යන කල දසාව කුමක් වේද.
මෙම පුවතේ ඉහත සඳහන් වන “මහනුවර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා” වශයෙන් සඳහන් වන කොටස පහත අයුරින් නිවැරදි විය යුතුයි.
“මහනුවර ප්‍රදේශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක්” වශයෙන් එය නිවැරදි විය යුතුව ඇත.
එම පුවතින් මහනුවර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාට යම්කිසි අපහසුතාවයක් ඇති වූයේ නම් අපගේ කණගාටුව ප්‍රකාශ කරමු.
කෙසේ වෙතත් මහනුවර විවිධ සිද්ධීන් පිළිබඳව හඬපට ගණනාවක් අපවෙත ලැබී තිබේ.අප ඒවා තහවුරු කරගෙන ද තිබේ.නමුත් ඇතැම් නිලධාරීන් විසින් තවත් නිලධාරීන්ට විවිධ දේශපාලන හේතු පදනම් කර ගිනිමින් චෝදනා එල්ල කරන බව දක්නට ලැබේ.
අප ආයතනය වෙත ලැබෙණ සියලු පුවත් අදාළ තහවුරු කිරීම්වලින් පසුව පලකරන අතර එම පුවත සඳහා ද අප මෙහි ඉඩකඩ වෙන්කර තිබේ.
යම් අයෙකුට එරෙහිව යමෙක් චෝදනා නගන්නේ නම් එම චෝදනාවලට තවත් සාක්ෂි 02ක් එකතු වූ පසු එම පුවත අප විසින් පලකරනු ඇත.
නමුත් චෝදනාවට ලක්වන පාර්ශවයෙන් කිසිදු විමසීමක් අප නොකරන බැවින් ඔහු අපට ලබාදෙන පිළිතුර තුළින් අපි මුලින් පලකර තිබෙන පුවත නිවැරදි කර ඔහුගේ නිර්දෝෂී බව ඔප්පු කර ගැනීම සඳහා අවශ්‍ය සියලු සාධක අප හරහා පලකර ගත හැක.