අද (28) පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදී ලිට්රෝ සමාගමේ සභාපති මුදිත පිරිස් මහතා පවසා සිටියේ රට තුල ගෑස් හිගයක් සිදුවිමට කිසිසේත් ඉඩ නොතබන බවයි.
ඔක්තෝම්බර් සහ සැප්තැම්බර් මාසයේ ගෑස් මිලදීගැනීම විශාල වශයෙන් අඩුවූ අතර ඊට වඩා වැඩි සැපයුම් ධාරිතාවකින් එළබෙන උත්සව සමයේ සිට ඉදිරි නව වසර තෙක් ලක්ෂයක ධාරිතාවෙන් ගෑස් වෙළදපොළට නිකුත් කිරීමට කටයුතු කරන බව මෙහි සභාපති තුමා වැඩිදුරටත් සදහන් කරන ලදී.