සුභ සාධක ප්රතිලාභ ගෙවීම සඳහා සුදුසු තැනැත්තන් තෝරාගැනීම සඳහා වන නියෝග සඳහා කැබිනට් අනුමැතිය ලබා දී තිබේ.
ඒ අනුව 2002 අංක 24 දරණ සුබ සාධක ප්රතිලාභ පනතේ විධිවිධාන යටතේ වන මෙම සුභ සාධන ප්රතිලාභ ලබා දීමට සුදුසු තැනැත්තන් තෝරා ගැනීම සදහා මෙසේ අනුමැතිය හිමිව ඇත.
පසුගිය ඔක්තෝබර් මස 20 වනදා එම නියෝගය ඇතුළත් කරමින් ගැසට් පත්‍රයක් නිකුත් කර තිබුණි.
අදාළ යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබුවේ මුදල් ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසිනි.
එමෙන්ම දේශීය සමාගම් මෙරට වෙළඳපොළ සඳහා භාණ්ඩ නිෂ්පාදනය කිරීමට අවශ්‍ය අමුද්‍රව්‍ය ආනයනය කිරීමේදී විදේශීය සමාගම් විසින් ප්‍රේෂණය කරන විදේශ විනිමය උපයෝගී කර ගනිමින් ගෙවීම් සිදුකිරීමට අදාළ යෝජනාව සඳහා ද කැබිනට් අනුමැතිය හිමිව ඇත.
එම යෝජනාව මුදල් අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කර තිබූ අතර 2017 අංක 12 දරණ විදේශ විනිමය පනතේ 07 යි 01 වගන්තිය යටතේ අදාළ නියෝග පැනවේ.