මහනුවර පොලිස් වසමේ පිහිටි අම්පිටිය ප්‍රදේශයේ ජනතාව ප්‍රදේශය පුරා සැරිසරන මත්ද්‍රව්‍ය ජාවාරමුන්, කොල්ල කල්ලි සහ සොරුන් නිසා දැඩි භීතියකින් පසුවෙති.
කඩු කිනිසි සහ පොලු රැගෙන රාත්‍රියට ත්‍රීරෝද රථවලින් සැරිසරන මෙම කොල්ල කල්ලි මහමග ගමන් ගන්නා පුද්ගලයන්ට පහරදී කොල්ලකෑම්වල යෙදෙන බව අම්පිටිය ප්‍රදේශවාසීන් පවසති.
මෙම කල්ලි මර්ධනය කිරීමට මහනුවර පොලිස් මූලස්ථානය හෝ අදාළ පොලිස් ප්‍රධානීන් නිසි පියවර වහාම ගත යුතු බවත් එසේ නොවුනහොත් ජීවිත හානි සිදුවීම නොවැළැක්විය හැකි බවත් ප්‍රදේශයේ ජනතාව පැවසූහ.
රටේ පවතින ආර්ථික අර්බුදය හමුවේ ජනතාව පීඩාවට පත්ව ඇති අතර එම පීඩාව හමුවේ ඇතැමුන් සොරකම් කිරීම් මංකොල්ල කෑම් ආදිය සඳහා ද යොමුව ඇත.
එවැනි වාතාවරණයක් තුළ රට තුළ අපරාධකරුවන් සීග්‍රයෙන් වර්ධනය වන බැවින් මේ පිළිබඳ වගකිව යුතු සහ සොයා බලා කටයුතු කළ යුතු නිලධාරීන් ඉතාම විමසිල්ලෙන් පසුවීම වැදගත් වේ.නැතහොත්ඉදිරියේ දී මේ රට මීටත් වඩා අපරාධකරුවන් බහුල දේශයක් බවට පත්වීමට ඉඩකඩ ඇත.
කෙසේ නමුත් මේ වන විට මහනුවර කොඨ්ඨාශය භාර ජේෂ්ඨ පොලිස් අධිකාරිවරයා වහම ක්‍රියාත්මක වෙමින් එවැනි එක් පුද්ගලයෙකු අද අත් අඩංගුවට ගෙන තිබේ. එසේම මෙසේ අපරාධ වැඩි වීමට හේතුව වන්නේ මහනුවර සේවය කරන පොලිස් නිලධාරීන් අවුරුදු ගනනාවක් තිස්සේ තම රාජකාරිය නිසි ලෙස ඉටු නොකිරීමේ ප්‍රතිපලයක් ලෙසිනි. මහනුවර ජේෂ්ඨ පොලිස් අධිකාරිවරයා විසින් පසුගියදා පොලිස් නිලධාරීන් විශාල ප්‍රමාණයක් එක් වරම මාරු කිරීමට හේතුව වුයේද ඔවුන් නිසි ලෙස තම රාජකාරිය ඉටු නොකළ බැවිනි.