මෙරට වයස අවුරුදු 05ට අඩු දරුවන්ගේ ද මන්දපෝෂණ තත්ත්වය ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවුල් සෞඛ්‍ය කාර්යංශය ප්‍රකාශ කරයි.
එම කාර්යංශය සඳහන් කරන පරිදි මෙම ළමුන් අතර පවතින මන්ද පෝෂණ තත්ත්වය 15.3%ක් දක්වා ඉහළ ගොස් ඇත.
මේ පිළිබඳව දිවයින පුරා සිදුකරන ලද සමීක්ෂණයකින් අනාවරණය වී තිබේ.කෙසේ නමුත් මෙම තත්ත්වය පසුගිය වසරට සාපේක්ෂව දිවයිනේ සියලුම දිස්ත්‍රික්කවල දරුවන්ගේ වර්ධනය අඩාල වි ඇති බව ද මෙහිදී අනාවරණය වී ඇත.
රටේ සිදු වූ ලක්ෂ ගණනක් කෝටි ගණනක් වන ගසාකෑම් වල ප්‍රතිඵලයක් ලෙස අද වෙනකොට මේ දරු පැටව් කුසගින්නේ සිටියි.මෙහි ඇති විශාලම බලපෑම වන්නේ මන්දපෝෂණයෙන් පෙලෙන රටකින් සේවකයෙක් හෝ ලබා ගැනීමට කිසිදු රටක් ඉදිරිපත් නොවනු ඇත.
එහි දී රටේ ජනතාවට විදෙස් රැකියා අවස්ථාවක් හෝ ලබාගැනීමට නොහැකිවනු ඇත.මින් සිදුවන්නේ ද රට තවත් ආගාදයට ඇද වැටීමයි.
මෙම තත්ත්වය දිගින් දිගටම මෙසේ දරුණු තත්ත්වයට පත් වුවහොත් ඉන් සිදු වන්නේද රට තවත් ආගාදයට ඇද වැටීම පමණි.නමුත් තවමත් මේ පිළිබඳව රටේ බලකාමී පාලක පන්තියට වැටහුම් නොවීම රටේ මෙන්ම අපගේද අවාසනාවයි.