පොලිස් කොස්තාපල්වරියකට ලිංගික බලපෑම් කල බවට කියන සෙබලෙකු අත්අඩංගුවට ගෙන ඇත.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ 27 හැවිරිදි සෙබලෙක් වන අතර මෙම කාන්තාව පොලිස් ස්ථානයේ රාජකාරි වල යෙදී සිටියදී පොලිස් ස්ථානයට පැමිණි පුදගලයන් දෙදෙනෙකු විවිධ අසභ්‍ය වචන කියමින් ලිංගික ප්‍රහාර එල්ල කල බවට මැය විසින් පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.
අදාළ සැකකරු මාවනැල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිත අතර අනික් සැකකරුගෙන් ප්‍රකාශ සටහන් කරගන්නා බව පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගෙන ඇති පුද්ගලයා උස්සාපිටිය ප්‍රදේශයේ පදිංචි යුධ හමුදා සෙබලෙකු බව අනාවරණය වී ඇති අතර කොස්තාපල්වරිය මාවනැල්ල පොලිස් ස්ථානයේ රාජකාරි කටයුතු සිදු කරන කාන්තාවකි.