සුරාබදු වැරදි සහ අයකරන දඩ මුදල් අඩුවෙන් සටහන් කිරීම තුලින් පොදු දේපළ පනත යටතේ වරදක් සිදුකළේයැයි චෝදනා කරමින් පනවා තිබු නඩු දෙකට අදාලව ගාල්ලේ හිටපු මහේස්ත්රාත්වරියක් වන ඩි.එස් මෙරින් ආරච්චි මහත්මියට කොලඹ මහාධිකරණය විසින් බරපතල වැඩ සහිතව වසර 10 ක සිරදඬුවම් නියම කර තිබේ.
එක් නඩුවකට වසර 5 බැගින් වන ලෙස වසර 10 සිරදඩුවම් දෙන ලෙස මහාධිකරණ විනිසුරු අමල් රණරාජා නියෝග කරන ලදී.
මේ සමගම අධිකරණය මගහැර සිටින විත්තිකාරිය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන විවෘත වරෙන්තුවක් ද නිකුත් කර ඇත.
රුපියල් 22500 දඩ මුදලක්ද කොළඹ මහාධිකරණය මෙම විත්තිකාරියට නියම කරන ලදී.