පසුගිය දිනවල බොහෝ දෙනාගේ කතාබහට ලක්වූ මහාපරිමාණ වකුගඩු ජාවාරමක් පිළිබද කරුණු අනාවරණය කරගත හැකි විය. ඒ සම්බන්ධයෙන් වන ඉදිරි විමර්ශන කටයුතු වලට අදාළ සාක්ෂි සටහන් කරගැනීමට යාමේදී එම ජාවාරම පිටුපස ඇති දැවැන්ත ජාවාරමක කරුණු අනාවරණය කරගැනීමට හැකියාව ලැබී ඇති බව ජාතික පුවත්පතක අද(03) වාර්තා කර තිබේ.
ඒ අනුව බොරැල්ල ප්රදේශයේ පුද්ගලික රෝහලක් ජාලගත වකුගඩු ජාවාරමට අදාළව එක්කෝටි හැටලක්ෂයක මුදලකට වෘෂණ කෝෂ විකිණීමේ ජාවාරමක් සඳහා ද යොදාගෙන ඇති බව වාර්තා කරගත හැකි විය.
එම වාර්තා වලට අනුව පොලිසිය පවසන පරිදි තරුණයෙකුගෙන් එක් වෘෂණ කෝෂයක් රුපියල් එක්කෝටි හැට ලක්ෂයක මුදලකට මිලදී ගැනීමට සියල්ල සුදානම් කර තිබියදී වකුගඩු දායකයන් සදහා මුදල් නොගෙවීම හේතුවෙන් ඔහු සිය වෘෂණ කෝෂය ලබාදීම ප්රතික්ෂේප කර ඇත.
මේ පුද්ගලයා බ්ලුමැන්ඩල් ප්රදේශයේ පදිංචි බවයි සදහන් වන්නේ. ඔහුට අදාළ රෝහලක් සම්බන්ධ කර ඇති අතර සැත්කමටදින පවා නියමකර තිබු අතර මුදල් ලබාදීම ප්රමාද නිසා ඇති වූ සැකය හේතුවෙන් මොහු මෙයට අකමැති වී ඇත. වැඩිදුරටත් කරුණු හෙළිවී ඇති පරිදි මේ ජාවාරම ජාලගතව සිදුවන අතර දේශීය මෙන්ම විදේශීය ජවාරකරුවන්ද මෙයට සම්බන්ධව ඇත.