එක්සත් ජනපද නියෝජිතායතනය සහ එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය නොමිලේ යූරියා පොහොර තොගයක් මෙරටට පරිත්‍යාග කර තිබේ.
ඒ අනුව යූරියා මෙට්‍රික් ටොන් 9,300ක් අද (05) පෙරවරුවේ කෘෂිකර්ම අමාත්‍යංශය වෙත නිල වශයෙන් භාරදෙනු ලැබීය.
මෙම පොහොර තොගය දිස්ත්‍රික්ක අටක අක්කරයකට වඩා අඩු කුඹුරු ඉඩම් සහිත ගොවීන් එක්ලක්ෂ 93,000 ක් සඳහා නොමිලේ බෙදා හැරීමට කටයුතු සූදානම් කර ඇත.