සුගතදාස ජාතික ක්‍රීඩා සංවර්ධනය අධිකාරිය යටතේ පාලනය වන මහනුවර නගරයේ පිහිටි ප්‍රධානතම ක්‍රීඩාංගනය වන බෝගම්බර ක්‍රීඩාංගනය නවීකරණය කිරීමට වැය කල ලක්ෂ ගණනක මුදලක් අපතේ ගොස් ඇතිබව භාරකරුවන් චෝදනා කරයි.
මෙහි ජාතික හා ජාත්‍යන්තර මට්ටමේ පාපන්දු,රගර්,අත්පන්දු,දැල්පන්දු වැනි ක්‍රීඩා රැසක් පවත්වන අතර මහනුවර නගරයේ පාසල් විශාල ප්‍රමාණයක් තරග පවත්වන්නේද මෙහිය.
ක්‍රීඩා භුමි පාලක එස්.ඩි.ජි විතානගේ පවසන පරිදි රුපියල් ලක්ෂ 350 වියදම් කර 2019 වසරේ වැඩ ආරම්භ කර අලුතින් පිඩලි අල්ලා නවීකරණය කරණු ලැබුණත් අද වන විට එහි කිසිදු ක්‍රීඩාවක් කල නොහැකි ආකාරයට පත්ව ඇති බව එතුමා පවසන ලදී.