පසුගිය දිනවල ප්‍රධාන පුද්ගලික රෝහලක් වන බොරැල්ල කොටාපාර රෝහලේ සිදු වූ බවට කියන වකුගඩු ජාවාරමේ ප්‍රධාන නියෝජිතයෙකු කොළඹ අපරාධ කොට්ඨාස විසින් අත්අඩංගුවට ගෙන ඇත.ඔහු ග්‍රෑන්ඩ්පාස් පදිංචි පුද්ගලයෙක් බව මේ වන විට අනාවරණය වී තිබේ.
මේ සිදුවීම සම්බන්ධයෙන් සොයා බැලීමට නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයෙකුගේ ප්‍රධානත්වයෙන් යුත් පුද්ගල කමිටුවක් පත් කර ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් අසේල ගුණවර්ධන මහතා පවසන ලදී.එම කමිටුවේ වෛද්‍යවරු 5 දෙනෙක් නීති නිලධාරියෙකු සහ විමර්ශන නිලධාරියෙක් සිටින බව ඔහු වැඩිදුරටත් පවසන ලදී.
එමෙන්ම වෘෂණ කෝෂ බද්ධ කිරීමක් සිදුවූ බවට වාර්තා වුවත් එවැනි බද්ධ කිරීමක් සිදුව නොමැති බවට සිදු කරන ලද විමර්ශනවලින් හා කරන ලද පර්යේෂණ තුළින් අනාවරණය වී ඇති බව ද අවසන් වශයෙන් ඔහු සඳහන් කරන ලදී.