ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ උපදෙස් පරිදි, බහුකාර්ය සංවර්ධන කාර්යසාධක බලකා දෙපාර්තමේන්තුව මගින් පුහුණු තනතුරු සඳහා බඳවාගෙන ඇති නිළධාරින් ඔවුන්ගේ සේවා පුහුණුව අනුව රාජ්‍ය සේවය සඳහා අන්තර්ග්‍රහණය කොට 2023 වර්ෂයේදී සේවය ස්ථීර කිරීමට නියමිත බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පසු ගියදා පැවසීය.
අඩු ආදායම්ලාභී පවුල්වල සිටින අවම අධ්‍යාපන සුදුසුකම් සහිත සාමාජිකයින්ට විධිමත් වෘත්තීය පුහුණුවක් ලබා දීමෙන් පසු රජයේ ස්ථීර රැකියා ලබා දීම මඟින් ස්ථීර ආදායම් ලබන්නන් බවට පත්කර එම පවුල් දිළිඳු බවින් මුදවා ගැනීම සහ එම ශ්‍රම බලකායේ නිපුණතා සමෘද්ධිමත් රටක් ගොඩ නැගීමේ කාර්යයට සඵලදායී ලෙස දායක කර ගැනීමේ පරමාර්ථයෙන් මෙම වැඩසටහන ආරම්භ විය. ඒ අනුව මේ වන විට බඳවා ගෙන ඇති 32,000 ක් පමණ වන නිලධාරීන්ගේ සේවය ස්ථීර කිරීමට නියමිතය.
මේ හරහා රාජ්‍ය සේවයේ පවතින පුරප්පාඩු පිරවීමෙන් අනතුරුව බහුකාර්ය සංවර්ධන කාර්යසාධක බලකා දෙපාර්තමේන්තුව විසිරුවාහැරීමට නියමිත බවද ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
බහුකාර්ය සංවර්ධන සහායකයින් සඳහා නිවාඩු ලබාදීමේ දී වෛද්‍ය හේතූන් මත හෝ නිවාඩු අනුමත කරන බලධාරියා විසින් සෑහීමකට පත්වන පිළිගත හැකි හේතූන් මත දින 2ක උපරිමයකට යටත් වන පරිදි වැටුප් සහිත නිවාඩු ලබාදිය හැකි ලෙස සංශෝදනයන් සිදු කර ඇති බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.