කොවිඩ් වසංගත තත්වය හමුවේ ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ පවතින රුධිර සංචිත පහළ ගොස් ඇත.
මේ වන විට දෛනික රුධිර ඒකක 950ත් 1000 ත් අතර ප්‍රමාණයක අවශ්‍ය අවශ්‍යතාවක් පවතින බව රුධිර පාරවිලයන මධ්‍යස්ථානය අධ්‍යක්ෂක, වෛද්‍ය ලක්ෂ්මන් එදිරිසිංහ මහතා සඳහන් කළේය.
රුධිර පරිත්‍යාගශීලීන් ගෙන් රුධිර පාරවිලයන මධ්‍යස්ථානය ඉල්ලීමක් කරමින් පවසා ඇත්තේ, මෙම රුධිර ඒකක ප්‍රමාණය දෛනිකව සපයා ගැනීමට අපහසු වී ඇති බැවින් රුධිරය පරිත්‍යාග කිරීමට කටයුතු කරන ලෙසයි.
011-5 332 153 හෝ 011-5 332 154 යන දුරකථන අංක මගින් සම්බන්ධ වී වේලාවක් වෙන්කරගෙන රුධිරය පරිත්‍යාග කිරීම සඳහා දිවයිනේ ඕනෑම රුධිර පාරවිලන මධ්‍යස්ථානයක් වෙත පැමිණීමට අවස්ථාව ඇති බවද වෛද්‍ය ලක්ෂ්මන් එදිරිසිංහ මහතා සඳහන් කළේය.