ලංකා නාවික හමුදාවට අයත් ශක්ති නෞකාව අද (17) අලුයම ත්‍රිකුණාමලය වරායෙන් පිටත් වූයේ ඉන්දීය රජයෙන් ඇණවුම් කරන ලද සායනික ඔක්සිජන් තොගයක් මෙරටට රැගෙන ඒම සඳහා ය.
රෝහල් ගතව ප්‍රතිකාර ලබන කොවිඩ් රෝගීන් සඳහා අවශ්‍ය කරන ඔක්සිජන් ධාරිතාවය අඛණ්ඩව පවත්වා ගැනීමේ අවශ්‍යතාවය මත රජය විසින් ඉන්දියාවෙන් ඔක්සිජන් තොගයක් ඇණවුම් කිරීමට තීරණය කර තිබුණි.
මේ අනුව ඉන්දියාවේ චෙන්නායි වරාය වෙත හෙට (18) පස්වරුව වන විට ශක්ති නෞකාව සේන්දු වීමට නියමිතය.