රට තුළ පවත්නා මෙම කොවිඩ් වසංගත තත්ත්වය සැලකිල්ලට ගනිමින් තවත් නගර කිහිපයකම වෙළඳසැල් වසා තැබීමට අදාළ වෙළඳ සංගම් තීරණය කර තිබේ.
එසේ වසා දැනෙනුයේ බදුල්ල, ත්රිකුණාමලය, රත්නපුර සහ බලංගොඩ යන නගරවල වෙලඳසැල් වන අතර එය අද (18) සිට සතියක කාලයක් වසා තැබීමට තීරණය කර ඇත.
එසේම වැලිමඩ සහ අනුරාධපුර නගරවල ද වෙළඳසැල් හෙට (19) සිට සතියක කාලයක් වසා දැමීමට නියමිතය.