කුවේට් රජය විසින් ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයකට වානිජ ගුවන් ගමන් ආරම්භ කිරීමට තීරණය කර තිබේ.
ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, ඊජිප්තුව, ඉන්දියාව, නේපාලය සහ පාකිස්ථානය යන රටවලට වාණිජ ගුවන් ගමන් ඇරඹීමට නියමිත බව එරට මාධ්‍ය වාර්තා කරයි.
කොරෝනා වෛරස තත්ත්වය මත කුවේට් රාජ්‍යය විසින් රටවල් කිහිපයකින් ගුවන්යානා පැමිණවීම තාවකාලිකව අත්හිටුවා තිබිණි.