මෙරට ගුවන් සේවය ආරම්භ වී වසර 110 සපිරීම සහ ජාත්‍යන්තර වශයෙන් ගුවන් සේවා කර්මාන්තයේ නියාමනය උදෙසා බිහි වූ චිකාගෝ සම්මුතියට අත්සන් තබා වසර 78 සම්පුර්ණ වීම යන විශේෂ අවස්ථා දෙකම සැමරීම සමගාමිව සිදුකරන ලද විශේෂ සැමරුම් උත්සවයක් අද දින( 09 ) සංවිධානය කර ඇති බව සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසනවා.
1912 වසරේ දෙසැම්බර් 07 වන දින යාන්ත්‍රික බලයෙන් ක්‍රියාත්මක පළමු ගුවන් යානය මෙරටින් පළමු වරට ගුවන්ගත වන්නේ මිට වසර 110කට ඉහතදීය.
එසේම ජර්මානු ජාතික දෙදෙනෙකු වූ මාක් පෝප් සහ ජෝර්ජ් වර්මින් විසින් කොළඹ තුරඟ තරඟ පිටිය ගුවන්තොටුපලක් ලෙස පරිවර්තනය කරමින් යාන්ත්‍රික බලයෙන් ගුවන් යානයක් සාර්ථකව ගුවන්ගත කිරීමත් මෙරටදී සිදු කරනු ලැබුවේය.