තලවකැලේ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 46 වන පුද්ගලයෙකු පාසල් ළමුන්ට තහනම් දුම්කොළ මිශ්‍ර මාවා නැමති මත්ද්‍රව්‍ය විකුණා තිබෙන අතර ඊයේ( 08 ) තලවකැලේ සුමන විද්‍යාලය ආසන්නයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.ඒ අනුව මෙම සැකකරු සිය භාරයට ගන්නා අවස්ථාවේදී ඔහු සතුව තිබී තහනම් දුම්කොළ මිශ්‍ර මාවා ග්‍රෑම් 54 ක් තිබූ බව පොලිස් විශේෂ කාර්ය බලකාය ප්‍රකාශ කර තිබේ.
එමෙන්ම සිදු කල පර්යේෂණ වලින් අණාවරනය වී ඇත්තේ දීර්ඝ කාලයක් තිස්සේ පාසල් ළමුන් ඉලක්ක කරගෙන මෙම මත්ද්‍රව්‍ය ජාවාරම සිදු කර ඇති බවයි.තවද මෙම සැකකරු පිළිබද වැඩිදුර විමර්ශන සිදු කර ඇත්තේ තලවකැලේ පොලිස් ස්ථානය මගිනි.
ඊට අමතරව පසුගිය 7 වන දින විශේෂ කාර්ය බලකායේ ශාස්ත්රවෙල කදවුරට ලද තොරතුරකට අනුව පානම,විහාර පොකුණ රක්ෂිත ප්‍රදේශය වනසමින් නීතිවිරෝධී ලෙස අක්කර 03 භුමි ප්‍රමාණයක ඉතා සුක්ෂම ලෙස ගංජා වගාකළ 5 දෙනෙකු සිය භාරයට ගැනීමට හැකිවූ බව විශේෂ කාර්ය බලකාය ප්‍රකාශ කරන ලදී. මොවුන් වයස අවුරුදු 32,38,47,49,60 වියැති සියඹලාංඩුව ප්‍රදේශයේ පදිංචි කරුවන් වේ.ඔවුන් සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කර තිබෙන්නේ පානම පොලිස් ස්ථානය මගිනි.
මේ අතර ඊයේ (08 )ගෝනහේන කදවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව මට්ටක්කුලිය ප්‍රදේශයේ කේරල ගංජා ත්‍රිරෝද රථයක් මගින් ප්‍රවාහනය කරමින් සිටි එම ප්‍රදේශයේම පදිංචි වයස අවුරුදු 23 පුද්ගලයෙක් මට්ටක්කුලිය ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් සිය භාරයට ගෙන තිබේ.මෙය සොයාගැනීමට හැකිවී තිබෙන්නේ මට්ටක්කුලිය අලුත් පාරේ පිහිටි වාහන දුම් පරික්ෂා කරන ආයතනයක් අසල කල වැටලීමකදීය.මෙහිදී කේරල ගංජා ග්‍රෑම් 170 සහ ඒවා විකිණීමෙන් උපයාගත් මුදල්යැයි සැකකළ හැකි රුපියල් 25,000 මුදලක්ද ඩිජිටල් තරාදියක් ද සොයාගන්නා ලදී. වැඩිදුර විමර්ශන සදහා මොහුව මට්ටක්කුලිය පොලිස් ස්ථානය වෙත භාරදෙන ලදී.