ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය සඳහන් කළේ සිය කාර්යංශයේ ලියාපදිංචි වී විදෙස් රැකියාවන්ට දෛනිකව 850ක පමණ පිරිසක් පිටව යන බවයි.
මෙම වසරේ මේ වන විට දෙලක්ෂ අනූ දහසකට වැඩි පිරිසක් විදෙස් රැකියා සඳහා පිටව ගොස් ඇති බවයි විදේශ සේවා කාර්යංශයේ පුහුණු සහ බඳවාගැනීම් අංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ගාමිණී සෙනරත් යාපා ප්‍රකාශ කළේ.
ඉන්න හිතෙන රටින් යන්න හිතෙන තරමට දූෂිත කලායින් පසු එදාවේල හෝ තම පවුලට ලබා දීමේ අරමුණ ඇතිව තම ආදරනීයන්ගෙන් ඈත්ව නොදැකපු දේශයන් බලා පිටව යන තරුණ තරුණියන් සියල්ලන්ට ඔවුන්ගේ අරමුණු ඉටු කර ගැනීමට එහි දී හෝ අවස්ථාව ලැබිය යුතුය.
නමුත් අවාසනාවට කරුණ නම් ඔවුන් එරටට ගොස් උපයන ධනය ද මෙරට සිටින ධන කාමීන් විසින් කා බී විනාශ කර දැමීමට යොදා ගැනීමයි.සාමාන්‍ය ජනතාවගේ රුධිරය උරා බොන මෙම ධන කාමී පාලකයින්ගේ ධන තන්හාවේ හෝ බල තණ්හාවේ නිමාවක් තවමත් නොමැත.