මේ වන විට මැන්ඩවුස් සුළි කුණාටුව දකුණු ඉන්දියාව වෙත ගොස් ඇති අතර මේ හේතුවෙන් දකුණු ඉන්දියාවේ වෙරළබඩ ප්‍රදේශයට අධික වර්ෂාපතනයක් ඇද හැලෙන බව වාර්තා වේ.
මෙම සුළි කුණාටුව දකුණු ඉන්දියාවේ මාමල්ලපුරම් ප්‍රදේශයෙන් ගොඩබිමට කඩාවැදී ඇති අතර පැය 03ක පමණ කාලයක් තුළ එම ප්‍රදේශයේ විශාල ගස් ප්‍රමාණයක් කඩා වැටී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එමෙන්ම එම ප්‍රදේශයේ පහත් බිම් රැසක් ද ජලයෙන් යටවී තිබෙණ අතර චෙන්නායි නගරයට අද (10) උදෑසන 05.30 වන විට මිලිමීටර් 115ක පමණ වර්ෂාපතනයක් ලැබී ඇත.
මේ අතර මෙම තත්ත්වය හමුවේ චෙන්නයි ගුවන් තොටුපොලේ දේශීය හා ජාත්‍යන්තර ගුවන් ගමන් 13ක් ද අවලංගු කිරීමට කටයුතු කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.