මේ වන විට මහනුවර කොඨිඨාශය භාර ජේෂ්ඨ පොලිස් අධිකාරි චමිල් ක්‍රිශාන්ත රත්නායක මහතාට එරෙහිව විවිධ වෙබ් අඩවිවලින් විවිධ චෝදනා රාශියක් එල්ලකරන බව දක්නට තිබේ. අපට එසේ දක්නට ලැබෙන්නේ මහනුවර දිස්ත්‍රික්කය පුරාම විවිධ අකටයුතුකම් පිලිබදව සත්‍ය තොරතුරු අපට ලැබෙන බැවිනි. එසේම අප සොයන බොහෝ තොරතුරු විවිධ මාධ්‍ය විසින් විකෘතිකර වාර්තා කර තිබෙන බවද අපට දැක ගත හැකි විය.
කෙසේ නමුත් මාධ්‍ය වාර්තාකරණයේදී වාර්තාකරණ මාධ්‍යවේදියාට අවශ්‍ය සාධක ලැබුණු පසු එය පලකරන බැවින් ඒවායෙහි සත්‍ය සහ අසත්‍ය සෙවිය යුත්තේ උසස් නිලධාරීන්ය. එසේම මහනුවර ගම්පොල ප්‍රදේශයේ සිදුවන නීතිවිරෝදී ලෙස කුඹුරු යායක් ගොඩ කිරීම, නීතිවිරෝදී ලෙස පහත්බිම් ගොඩ කිරීම් ආදිය පිලිබඳව කරුණු රාශියක් තිබෙන අතර මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ පාලකයන් විසින් බුදු දහමට නිගා වන අයුරින් කටයුතු කිරීම මෙන්ම පසු ගිය වර්ෂයේ පැරණි පෙරහරක් සජීවී ලෙස පෙන්වා ලෝකයම නොමග යැවූ කාරනා වැනි කරුණු රාශියක් ශ්‍රී ලංකාවේ ප්‍රධාන මාධ්‍ය ආයතන පවා සඟවන ලදී. එපමනක් නොව විවිධ වෙබ් අඩවි වලට මෙන්ම වෙනත් පුවත් සපයන මහනුවර මාධ්‍යවේදීන් පවා සත්‍ය කරුණු සැගවීම ලැජ්ජාවට කරුණකි. එබැවින් සමහර මාධ්‍යවේදීන් තවමත් වැරදි පුවත් සැපයීම පිලිබඳව පුදුමයට පත්විය යුතු නැත.
ජේෂ්ඨ පොලිස් අධිකාරි චමිල් ක්‍රිශාන්ත රත්නායක මහතාට එරෙහිව චෝදනා එල්ලවීම පිලිබඳව අප දීර්ඝ වශයෙන් සොයා බලන ලදී. එහිදී එක්තරා වෙබ් අඩවියක් වාර්තා කර තිබු පරිදි අම්පිටියේ දරුවා ගිනි තැබූ සිද්ධියේදී පොලිසිය ක්‍රියාකර තිබු වැරදි ආකාරය පිළිබඳව චෝදනාවද එල්ලව තිබුනේ ජේෂ්ඨ පොලිස් අධිකාරි චමිල් ක්‍රිශාන්ත රත්නායක මහතාටය. නමුත් එහි එම ප්‍රදේශය භාර පොලිස් ස්ථානාධිපතිවරයා එහි වගකීම සම්පූර්ණයෙන්ම භාරගත යුතු වුවත් ඒ පිලිබඳව කිසිදු සටහනක් එහි තිබුනේ නැත.
යම් මාධ්‍ය ආයතනයක් හෝ මාධ්‍යවේදියෙක් යමෙකුට එරෙහිව චෝදනාවක් එල්ලකිරීමේදී ඔවුන්ගේ ආරක්ෂාව සපයාගෙන පුවත් පලකරන බැවින් ඔවුන්ගේ පුවත් වැරදි යයි අපට කිව නොහැක. අපද සාක්ෂි තුනක් ලැබුණු පසු පුවත් පලකරන නමුත් අනෙක් පාර්ශ්වයට ඔහුගේ ප්‍රකාශය ලබා දීමට ඉඩ සලසා තිබේ. අප මහනුවර පොලීසිය හා සම්බන්ධව පසු ගිය කාල වකවානුව තුලදී සිදු වූ සිදුවීම් සොයා බැලීමේදී වාර්තා වූ ප්‍රධානතම සිද්ධින් අතර සැඟවී ගිය සිද්ධීන් කොපමණ තිබේදැයි අපට කිව නොහැක. කෙසේ නමුත් අප දන්නා පොලිස් ඉතිහාසයේ ප්‍රථමවරට පොලිස් නිලධාරීන් 50 දෙනෙකු එකවරම මාරු කර යැවීමට මෙම ජේෂ්ඨ පොලිස් අධිකාරිවරයා කටයුතු කර තිබුණි. ඊට අමතරව අල්ලස් ලබාගැනීම් පිලිබඳව චෝදනා ලැබූ රථවාහන ස්ථානාධිපතිවරයෙකුද මාරු කර යවා තිබුණි.
මේ සියලුම සිදුවීම් සමග මහනුවරට මූලස්ථාන පොලිස් පරික්ෂකවරයෙකු නැති වීමද තවත් විශේෂත්වයකි. කෙසේ නමුත් සියලුම පොලිස් බලප්‍රදේශවලට පොලිස් ස්ථානාධිපතිවරයෙකු පත්කර තිබේ. තමන්ගේ පොලිස් බලප්‍රදේශය තුල අපරාධ සිදුවන්නේ නම්, පාර්ශ්වයන් වලට අසාධාරනකම් සිදුවන්නේ නම් වගකිව යුත්තේ අදාළ පොලිස් වසමේ ස්ථානාධිපතිවරයාය. ස්ථානාධිපතිවරයා නීතිය ඉටු නොකරන්නේ නම් කල යුත්තේ ප්‍රදේශය බාර සහකාර පොලිස් අධිකාරිවරයාට දැනුම් දීමය. ඔහුගෙන්ද නීතිය ඉටු නොවන්නේ නම් ජේෂ්ඨ පොලිස් අධිකාරිවරයා වෙත පැමිණිලිකළ යුතුය. එතැනින්ද යුක්තිය ඉටු නොවේ නම් නියෝජ්‍ය පොලිස්පතිවරයාටද, ඉන් අනතුරුව පොලිස්පතිවරයාටද පැමිණිලිකිරීම නිසි ක්‍රමවේදය වේ.
එසේම ඒ ආකාරයෙන්ම වැරදි කරන ජේෂ්ඨ පොලිස් නිලධාරීන්ද සිටි. අප පසුගියදා එවැනි පුවතක් පළකළේය. එය ජේෂ්ඨ පොලිස් අධිකාරිවරයාට සම්බන්ධ නැති පුවතකි. එය සම්බන්ධ වන්නේ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුටය. ඔහු කවුද යන්න නම් ගම් සහිතවම නොබෝ දිනයකින් අප හෙළිදරව් කරනු ඇත. ජේෂ්ඨ පොලිස් අධිකාරි රත්නායක මහතා හා සම්බන්ධ වැරදි කිසිවක් අපට අනාවරණය නොවීම විශේෂත්වයකි. එසේ තිබේ නම් අපට ඒවා දන්වන ලෙස මහනුවර ප්‍රදේශයේ ජනතාවගෙන් අප ඉල්ලා සිටින්නේ යුක්තිය වෙනුවෙනි. එසේම ඔබේ පොලිස් බලප්‍රදේශය තුල සිදුවන සියලුම වංචා, දූෂණ, විනාශයන් වලට වග කිව යුත්තේ පොලිස්පති හෝ ප්‍රදේශයේ ජේෂ්ඨ පොලිස් නිලධාරීන් නොවේ. වගකිව යුත්තේ ස්ථානාපතිවරුය. නමුත් උසස් පොලිස් නිලධාරීන්ට සහ පොලිස්පතිවරයා දක්වාම පැමිණිලි කලද ඔබට යුක්තිය ඉටු නොවන්නේ නම් ඔවුන්ද ඒවාට වග කිව යුතුය.
ඒ අනුව පෙනී යන්නේ මහනුවර කොඨිඨාශය භාර ජේෂ්ඨ පොලිස් අධිකාරි චමිල් ක්‍රිශාන්ත රත්නායක මහතාට එරෙහිව යම් කුමන්ත්රණකාරී බලවේගයන් රාශියක් ක්‍රියාත්මකවන බවයි. එයට හේතුව ලෙස අපට පෙනෙන්නේ මහජන අවශ්‍යතා ඉටු කිරීම වෙනුවෙන් පොලිස් ස්ථානයන් වල මුල් බැසගත් පොලිස් නිලධාරීන් ස්ථානමාරුකර යැවීම නිසා උරණ වූ පොලිස් නිලධාරීන් මෙසේ කටයුතු කරන බවයි. කෙසේ වුවත් රත්නායක මහතාගේ අප නොදන්නා වැරදි තිබේ නම් අපට ඒවා දැනුම් දුනහොත් රහෂ්යභාවය උපරිම ලෙස ආරක්ෂාවන පරිදි අප ඒවා පලකරනු ඇත.