2019 වර්ෂයේ පාස්කු ඉරුදින එල්ල කරන ලද ත්‍රස්ත ප්‍රහාරයට මේ වන තෙක් යුක්තිය ඉටු නොවීම සම්බන්ධයෙන් විරෝධය පළ කරමින් අද (21) දින සෑම නිවසකම කළු කොඩි ඔසවන ලෙස අගරදගුරු පදවිය මහජනතාවගෙන් ඉල්ලීමක් කර ඇත.
මෙම ප්‍රහාරයට වගකිව යුත්තන්ට එරෙහිව මෙතෙක් ගෙන ඇති නෛතික තීරණ මගින් සෑහීමකට පත්විය නොහැකි ලෙස දන්වමින් පිටු 19කින් යුක්ත ලිපියක් ද ජනාධිපතිතුමන් වෙත ජූලි මාසයේදී යොමු කර තිබුණි.
එම ප්‍රහාරයට වගකිව යුත්තන් මෙතෙක් හෙළිදරව් කිරීමට රජයට නොහැකි වූ නිසා, අද දින සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපදිමින් දිවයින පුරා කළු කොඩි ඔසවා තැබීමට කතෝලික සභාව තීරණය කර ඇත.
අද දින පෙරවරු 8.45ට දේවස්ථානයේ මළ සීනුව නාද කර මෙම ප්‍රහාරයෙන් මිය ගිය අය සිහි කරවා පෙරවරු 8.45 සිට 9.45 දක්වා කාලය තුළ දේවස්ථානවල යාච්ඤාව මෙහෙයක්ද පැවැත්වීමට නියමිතය.
කතෝලික සභාව බැතිමතුන්ගෙන් ඉල්ලා සිටින්නේ අද පස්වරු 7 සිට 8 දක්වා නිවාස වල ජපමාලය උච්චාරණය කර යාඥා කරන ලෙසයි.