අද (12) සිට යළිත් යාපනය සහ ඉන්දියාවේ චෙන්නායි අතර ගුවන් ගමන් ආරම්භ කෙරේ.මෙසේ යාපනය සහ චෙන්නායි අතර ගුවන් ගමන් ආරම්භ වන්නේ වසර 02කට අනතුරුවයි.
2019 වර්ෂයේ කොවිඩ් – 19 ව්‍යාප්තිය සමග මෙම ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවන ලදී.
අද (12) පෙරවරු 10.50 ට චෙන්නායි ගුවන්තොටුපොලේ සිට මගීන් රැගත් පළමු යානය ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත ළඟාවීමට නියමිත බවයි සිවිල් ගුවන් සේවා අධිකාරිය ප්‍රකාශ කළේ.
ඒ අනුව එම ගුවන් යානය පෙරවරු 11.50 ට යළි චෙන්නායි බලා පිටව යාමට නියමිතව තිබේ.එමෙන්ම මෙම ගුවන් ගමන් සඳුදා ,අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සෙනසුරාදා දිනවල ක්‍රියාත්මක බවයි සිවිල් ගුවන් සේවා අධිකාරිය සඳහන් කළේ.