අද (12) සිට සාමාන්‍ය පරිදි පාසල් විවෘත කළ ද කාලගුණ තත්ත්වයේ පවතින වෙනස්කම් හේතුවෙන් පාසල් දරුවන් තවදුරටත් මුඛ ආවරණ පැළඳීම යෝග්‍ය බවට ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා ප්‍රකාශ කරයි.
පවතින අහිතකර කාලගුණ තත්ත්වය සමග සීඝ්රයෙන් ශ්වසන රෝග සහ වෛරස් රෝග පැතිරීමේ අවදානමක් පවතින බැවින් පාසල් ළමුන් තව දුරටත් මුඛ ආවරණ පැළදීම ඔවුන්ගේ සෞඛ්‍යට හිතකර බවයි වෛද්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ.
එමෙන්ම විශේෂයෙන් ළමුන්ට කැස්ස, හෙම්බිරිස්සාව ඇත්නම් ඔවුන් නිවෙස් තුළම රඳවා තබා ගැනීමට කටයුතු කරන ලෙස ද විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා සඳහන් කළේ.