පසුගිය දිනක කැබිනට් මණ්ඩලය මගින් පත් කළ ගුරු- විදුහල්පති වැටුප් විෂමතා ගැටළුව විසඳීමේ අමාත්‍ය මණ්ඩල අනු කමිටු වාර්තාව මුදල් අමාත්‍යංශය වෙත භාර දී ඇත.
ඊයේ (20) දිනයේ අමාත්‍ය මණ්ඩල අනු කමිටු සාමාජිකයින් හා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අතර පැවැති සාකච්ඡාවේදී අනු කමිටුව විසින් සකස් කළ වාර්තාව භාර දී ඇති අතර, මුදල් අමාත්‍යාංශය විසින් එය අධ්‍යයනය කර මීළඟ කැබිනට් රැස්වීම සඳහා එය ඉදිරිපත් කිරීමට තීරණය කර ඇත.
එම වාර්තාව භාර දීමෙන් පසු, කමිටු සාමාජික අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කර ඇත්තේ මෙම ගැටලු විසඳීමට සිය වාර්තාවේ යෝජනා රැසක් ඉදිරිපත් කර ඇති බවයි.