ශ්‍රී ලංකා හෙද නිලධාරිනියන්ගේ දක්ෂතාවය සහ හෙද සේවයේ ගුණාත්මක බව පිළිබඳ මෙරටට පැමිනි සිංගප්පූරු බලධාරීන් මනා පැහැදීමක් ඇති කරගත් අතරම මෙම දක්ෂ හෙද පරපුර සඳහා සිංගප්පුරුවේ විශාල අවස්ථාවක් ද හිමිකර දෙන ලදී.
ඒ අනුව ශ්‍රී ලංකා රජය සිංගප්පූරු රජය හා එකඟතාවකට පැමිණ ඒ මත මුල් අදියරේදී රජයේ රෝහල්වල හෙදියන් එකසිය විස්සකට සිංගප්පූරුවට යාමට අවස්ථාව උදාවී තිබුණි.
ඒ අනුව මේ වන විට එහි පළමු හෙද කණ්ඩායම සිංගප්පූරුව කරා පිටව ගොාස් තිබේ.පළමු කණ්ඩායම වශයෙන් මෙරටින් පිටව ගිය හෙද නිලධාරීනියන් දෙදෙනාගෙන් එක් අයෙක් ව්‍යාජ ලිපි ලේඛන ඉදිරිපත් කර සේවයට එක්ව ඇතැයි නැගෙනහිර කොළඹ මූලික රෝහලේ අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය ප්‍රියන්ත කරුණාරත්න විසින් ලිපියක් යවා තිබේ.
සිංගප්පූරුවේ ජාතික විශ්වවිද්‍යාල සෞඛ්‍ය පද්ධතිය ( National university health system) වෙත සෘජුවම මෙම ලිපිය යොමු කිරීමට විශේෂඥ වෛද්‍ය ප්‍රියන්ත කරුණාරත්න පියවර ගෙන තිබේ.මෙම තත්ත්වය මත සිංගප්පූරු රජය ශ්‍රී ලංකාවෙන් ලබාදෙන සහතික පිළිනොගන්නා තත්ත්වයක් මතුව ඇතැයි තානාපති අංශ මෙරටට දැනුම් දී ඇත.
තහවුරු කර ගැනීමකින් තොරව රෝහල්අධ්යක්ෂකවරයා මෙම ලිපිය යොමු කිරීමෙන් රජයන් දෙකක් අතර අවබෝධතා ගිවිසුමක් මත ලබාදීමට ගිය රැකියා අවස්ථා සඳහා අවධානමක් මෙන්ම කළු පැල්ලමක් එල්ල වී ඇතැයි තානාපති අංශ ප්‍රකාශ කළේ.
එක් පුද්ගලයෙක් විසින් සිදුකරන ලද නොමනා ක්‍රියාවක් හේතුවෙන් සමස්ත ශ්‍රී ලංකාවට ම මේ වන විට විශාල කළු පැල්ලමක් එක් වී ඇත.සිංගප්පූරු බලධාරීන් විසින් මෙරට හෙද සේවය පිළිබඳව ගොඩනගා ගන්නා ලද පැහැදීම මෙම වෛද්‍යවරයා විසින් සිදුකළ ලජ්ජා සහගත ක්‍රියාව නිසාවෙන් විනාශයට පත්ව යෑමට ඉඩ ඇත.
එපමණක් නොව රට ගැන තිබූ විශ්වාසය ද මිල පලුදු වනු ඇත. “කිරි කලයට ගොම විඳුවක් වැටුනා මෙන්” මොහුගේ මෙම ක්‍රියාව සමස්ත පද්ධතියම පහළට ඇද දමනවා පමණක් නොව රටට ලැබුණු අපූර්ව අවස්ථාවක් ද මින් ගිලිහී යාමේ අවදානමකට මේ වන විට පත්ව තිබේ.
(අරුණ පුවත්පත)