පැමිණ ඇති උත්සව සමයේ ජනතාවගෙන් වැඩියෙන් මුදල් ගරා ගන්න වෑයම් කරන කූට වෙළෙඳුන් සොයා පාරිභෝගික කටයුතු අධිකාරිය විමර්ශන ආරම්භ කරන බව එම අධිකාරිය සදහන් කරයි.
භාණ්ඩ වැඩි මිලට අලෙවි කරන සහ භාණ්ඩ සඟවන වෙළෙඳුන් සොයා මෙසේ මෙහෙයුම් ආරම්භ කිරීමට සැලසුම් යොදා ඇත.
ප්රාදේශීය මට්ටමින් පාරිභෝගික සේවා නිලධාරීන් විසින් වෙළඳසැල් හිමියන් දැනුවත් කිරීම, භාණ්ඩ අලෙවිය සහ සැඟ වූ තොග තිබේ දැයි විමර්ශනය කිරීමට කටයුතු කරන බවයි එම අධිකාරියේ සභාපති ශාන්ත නිරිඇල්ල මහතා සඳහන් කළේ.
ලබන සතියේ සිට මෙම විමර්ශන කටයුතු තවදුරටත් පුළුල් කරමින් වැටලීම් සිදුකරන බව ද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.