තමන් මෙලොව උපත ලබනකොට හිමිවන ශරීරාංග කල්යාමත් සමග විවිධාකාර රෝගයන්ට ගොදුරු වනවා පමණක් නොව ඇතැම් රෝගයන් සුව කිරීමට පවා අපහසු වනවා. 1985 වර්ෂයට ඉහතදී මෙරට වකුගඩු රෝගීන් එම රෝගයෙන් ප්‍රතිකාර නොමැති වීම හේතුවෙන් මියයන්නට ඇත.
නමුත් මෙරටට පැමිණෙන එක් පුද්ගලයෙක් වකුගඩු රෝගීන්ගේ ජීවිත වලට අලෝකයක් රැගෙන එමින් සිය පෞද්ගලික ධනය පවා වැය කර වකුගඩු බද්ධ කිරීම සඳහා අවශ්‍ය දැනුම සහ තාක්ෂණය විදෙස් රටවලින් මෙරටට රැගෙන ආ එම උතුම් දක්ෂ මිනිසා නමින් විශේෂඥ වෛද්‍ය අචාර්ය රේෂ්වි ෂෙරිෆ් මහතාය. බැලූ බැල්මටම පෙනී යන කරුණ වන්නේ ඔහු මුස්ලිම් ජාතික අයෙක් වන බවයි. නමුත් සිංහල දේශය ලෙස නම් සඳහන් අපේ රටේ සිංහල දමිළ මුස්ලිම් භේදයකින් තොරව ජීවිත දහස් ගණනක් මෙම මුස්ලිම් මිනිසාගේ අතින් බේරාගෙන තිබේ.
ජාතිය කුමක් වුවත් ශරීරය තුළ ඇති ලේ එකම පැහැය වේ, වකුගඩුවක් වුවත් ජාතියට අනුව වෙනස් වන්නේ නැති බව ඔබ හොඳින්ම දන්නවා විය හැක. එමෙන්ම මොහුට ද රෝගියෙක් යනු රෝගියෙක්ම පමණක් විය. එනිසාම මොහුගේ අතින් වකුගඩු සැත්කම් 1350ක ප්‍රමාණයක් කොළඹ ජාතික රෝහල තුළදී පමණක් සිදු කර තිබේ.
ප්‍රවීණ මාධ්‍යවේදී ධනංජය නාරන්බැද්ද සමග සමාජ මාධ්‍ය සාකච්චාවක් සඳහා එක් වූ මෙම ගෞරවනීය වෙස්ටන් රෝහලේ සභාපති විශේෂඥ වෛද්‍ය අචාර්ය රේෂ්වි ෂෙරිෆ් මහතා වකුගඩු බද්ධ කිරීම සම්බන්ධ ඉතිහාස කතාව මෙසේ දිග හරින ලදී.
මොහු මෙරටට පැමිණෙන විට ශ්‍රී ලංකාව තුළ වකුගඩු බද්ධය යන වචනයවත් අසා නොමැත් රටකි. නමුත් මෙම වෛද්‍ය රේෂ්වි ෂෙරිෆ් මහතා මෙරටට පැමිණ සිය පෞද්ගලික ධනය පවා වියදම් කරමින් මෙරටට වකුගඩු බද්ධ කිරීම සඳහා අවශ්‍ය උපාංග ,තාක්ෂණය සියල්ල රැගෙන එන ලදී. අනතුරුව ඔහුගේ මෙරට ප්‍රථම වකුගඩු බද්ධ කිරීම 1985 වර්ෂයේ දී ක්ලීටස් තිරිමාන්න යන පුද්ගලයාට සිදු කර ඇත.
මොහු කොළඹ වෛද්‍ය පීඨයේ සිසුන් දහස් ගණනකට මෙම වකුගඩු බද්ධ කිරීම සම්බන්ධ සම්පූර්ණ දැනුම ලබාදෙමින් පෝෂණය කරන ලද අතර අද වන විට මොහුගෙන් අභාෂය ලබාගත් දක්ෂ වෛද්‍යවරුන් රාශියක් වකුගඩු රෝග විශේෂඥයින් වශයෙන් කටයුතු කරනු ලබයි.
මොහු වකුගඩු බද්ධය මෙරටට රැගෙන ආවා පමණක් නොව වකුගඩු බද්ධයට අදාල නීති මාලාවක් ද සකස් කිරීමේ පුරෝගාමියා වීය. මොහු මෙපමණ සේවාවක් සිදුකළ ද එවකට පැවති රජයෙන් කිසිදු උපකාරයක් මේ සඳහා ලැබී නොමැති බව ද ඔහු මෙහිදී අනාවරණය කරනු ලබයි.
කෙසේ නමුත් වකුගඩු බද්ධ කිරීමේ ජාවාරම සම්බන්ධයෙන් මොහුට ඇඟිලි දිගු වුවද මොහු වෛද් වරයෙක් වශයෙන් සිය රාජකාරිය පමණක් සිදුකරන බව පවසයි. වකුගඩු ලබාදෙන්නාගේ සහ ලබා ගන්නා පුද්ගලයාගේ සම්පූර්ණ ලියකිවිලි ලැබුණායින් පසු සෞඛ්‍ය අමාත්‍යංශයේ ද අනුමැතිය ලැබී ඇත්නම් පමණක් මොහු එම සැත්කම සිදු කිරීමට කටයුතු කරන බවය සදහන් කරයි.
එසේනම් මෙය සෞඛ්‍ය අමාත්‍යංශය ද එක්ව සිදු කරන රැවටිලිකාරී ක්‍රියාවක් ද යන්න පිළිබඳව සැක පහළ වේ.
කෙසේ නමුත් වෘෂණ කෝෂ ජාවාරම සම්බන්ධයෙන් රටේ පැතිර යන මතවාදයන් සම්පූර්ණයෙන් අසත්‍ය බව වෛද්‍යවරයා මෙහිදී සෘජුවම ප්‍රකාශ කරයි. එවැනි වෘෂණ කෝෂ බද්ධ කිරීම් සිදු කිරීමේ හැකියාවක් නොමැතිබව ඔහු පෙන්වා දෙයි. ලෝකයේ ම මෙවැනි වෘෂණ කෝෂ බද්ධ කිරීම් 02ක් සිදුව ඇති බවත් ඒවාද පරීක්ෂණ සඳහා සිදු කරන ලද ඒවා බවත් මෙහිදී සඳහන් කරයි.
කෙසේ නමුත් ජනතාවගේ ජීවිත සමග කවුරුන් හෝ සිදු කරන මෙම සෙල්ලම් නවතා දැමිය යුතුව තිබේ. දරිද්‍රතාවයෙන් මිරිකී සිටින අයෙක්ට ලක්ෂ ගාණක් දෙන්නම් වකුගඩුවක් ලබා දෙනන් යැයි සඳහන් කළ විට ඔවුන් ඊට එකඟ වන්නේ කරකියා ගත නොහැකි තැන මිස කිසිදු පුද්ගලයෙක් කිසිදා තම ශරීර අවයව විකිනීමට කැමති වන්නේ නැත.
එසේ නම් මේ රටක් ගිනි තැබූ බොරුව සිදුකලේ කව්ද?. එසේ බොරුවක් කියා රට ගිනි තැබූ හේතුවද මේ වන විට හෙළිදරව් වෙමින් තිබේ. එම චෝදනාව අමූලික බොරුවක් බවත්, මේ පිටුපස සිටින්නේ තැරව්කරුවන් සහ වෙනත් පෞද්ගලික රෝහල් කිහිපයක් බවත් මේ වන විටත් අප අනාවරණය කරගෙන තිබෙන අතර ඊට හේතුව වෙනත් ලිපියකින් බලාපොරොත්තුවන්න. එසේම මේ කතාව බොරුවක් නම් නිවැරදි කිරීමේ වගකීම තිබෙන්නේ පොලිස් දෙපාර්තමේන්තුවේ පරීක්ෂණ කරන බලධාරින්ටය.
අදාළ සාකච්චාව පහතින් බලන්න,