හෙට (18) දින 2022 වසරට අදාළ 05 ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීමට නියමිතව තිබේ.
එ් අනුව විභාග මධ්‍යස්ථාන 2894ක දී, විභාග අපේක්ෂක සිසුන් 334,698 දෙනෙකුගේ සහභාගිත්වයෙන් පැවැත්වීමට අවශ්‍ය කටයුතු සූදානම් බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
එමෙන්ම විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ විභාගය පවත්වන ක්‍රමවේදයේ ද යම් වෙනසක් සිදු කර ඇති බවයි.එහිදී ළමුන්ට ප්‍රථමයෙන් දෙවන ප්‍රශ්න පත්‍රයට මුහුණපෑමට සිදුවන අතර පළමු ප්‍රශ්න පත්‍රය හිමිවන්නේ දෙවනුවයි.
එමෙන්ම විශේෂම කරුණ වන්නේ මීට ඉහතදී පැවති අයුරින් විභාග ප්‍ර වේශපත්‍ර නිකුත් කිරීමක් සිදු නොවන අතර විභාග ශාලාව වෙත විභාග ආරම්භයේ දී පැමිණෙන සියලු සිසුන්ගේ අත්සන පමණක් ලබා ගැනීමට කටයුතු යොදා ඇත.
විශේෂයෙන් විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී.ධර්මසේන මහතා දෙමාපියන්ගෙන් ඉල්ලා සිටියේ ළමුන්ට පීඩනයෙන් තොරව නිදහසේ විභාගය සඳහා මුහුණ දීමට ඉඩලබාදෙන ලෙසයි.