වර්තමානය වන විට ශ්‍රී ලංකාව තුළ සීග්‍රෙයන් අයිස් මත්ද්‍රව්‍ය ව්‍යවසනය පැතිර යනු ලබයි.
මෙම අයිස් මත්ද්‍රව්‍ය භාවිතා කරන්නන් සහ ලබාදෙන පුද්ගලයින් සොයා මේ වන විට පොලිස් විමර්ශන ක්‍රියාත්මක වන අතර එහිදී බහුතරයක් අත්අඩංගුවට ගැනෙන්නේ තරුණ ප්‍රජාව වීඹ ඛේදනීය තත්ත්වයකි.
අයිස් වැටලීමකදී බෙන්තොට – බෝධිමළුව ප්‍රෙද්ශයේ නිවාඩු නිකේතනයක් තුළ අයිස් මත්ද්‍රව්‍ය භාවිත කරමින් සිටි තරුණයින් 30 දෙනෙකු ද අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම වැටලීම සිදු කර ඇත්තේ එම නිකේතනය තුළ පිරිසක් මත්ද්‍රව්‍ය භාවිත කරමින් සාදයක් පවත්වන බවට ලද තොරතුරකට අනුව වන අතර මෙසේ අත්අඩංගුවට ගත් තරුණ පිරිස වයස අවුරුදු 21 – 27 අතර පසුවන්නන් බව සඳහන් වේ.
මෙම අයිස් මත්ද්‍රව්‍ය එක්වරක් දෙවරක් භාවිත කළ අයෙක්ගේ සිරුර ආයෙ ආයේ එම මත්ද්‍රව්‍ය ඉල්ලයි.මේ නිසාම අයිස් භාවිත කරන්නන් ඉතා ඉක්මනින් එයට ඇබ්බැහි වනු ඇත.
මෙහි ප්‍රතිඵලයක් වශයෙන් මානසික අවපීඩනය, කාංසාව, තෙහෙට්ටු ස්වභාවය මෙන්ම අධික ලෙස මත්ද්‍රව්‍ය සඳහා ආශා කිරීම යනාදිය ඇති වේ.
මෙන්ම දීර්ඝ කාලීන භාවිතය නිසා මොළයේ ව්‍යුහයේ සහ ක්‍රියාකාරිත්වයේ වෙනස්කම්, ඌනතාවය, මතකය නැතිව යාම, මානසික ව්‍යාකූලත්වය, ප්‍රචණ්ඩකාරී ස්වභාවය, දරුණු දන්ත ගැටළු මෙන්ම ශරීරය ක්ෂය වීම යනාදිය ඇති වන බව තහවුරු වී තිබේ.
මෙම මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වූවෙක් එයින් ගලවා ගැනීම ඉතාමත් අසීරු කරුණකි.ඇතැමුන් සියදිවි හානි කර ගැනීමට පවා යොමු වේ.මත්ද්‍රව්‍ය භාවිතා කිරීමට මුදල් නොමැති අවස්ථාවලදී සිය ශරීරයට දුක් දෙමින් එය දරාගත නොහැකි තත්ත්වයකට පත් වේ.ඇතැමුන් සියදිවි හානි කර ගැනීම සඳහා යොමු වන අවස්ථා අද වන විට අපට මෙරට තුළ දක්නට ලැබේ.
මෙනිසා වැඩිහිටියන් තම දුව හෝ පුතා පිළිබඳ දැඩි සැලකිල්ලක් දැක්වීමට කටයුතු කළ යුතුය.