අද (18) දින සිට ක්‍රියාත්මක වන පරිදි කෙටි කෑමවල මිල ගණන් රු.10 කින් පහත දමා තිබේ.
සමස්ත ලංකා ආපණශාලා හිමියන්ගේ සංගමය මෙම මිල සංශෝධනය පිළිබඳ සඳහන් කරන ලදී.
එම සංගමයේ සභාපති අසේල සම්පත් සඳහන් කළේ කෙටි ආහාර නිෂ්පාදන සඳහා යොදා ගන්නා ඇතැම් අමුද්‍රව්‍ය වල මිල පහළ යාම හමුවේ මෙම තීරණය ගත් බවයි.