මිගමුව රෝහලේ උදරාබාධයක් හේතුවෙන් නේවාසිකව ප්රතිකාර ලබමින් සිටි 55 හැවිරිදි කාන්තාවක් එහි 8 වන මහලෙන් පැන මිය ගොස් ඇති බව වාර්තා වේ.
සිද්දියෙන් මිය ගිය කාන්තාව එම ගොඩනැගිල්ලේ 8 මහලේ ජනේලයකින් පැනීමෙන් කොන්ක්රීට් බිමකට වැටී මිය ගොස් ඇති අතර ඇය 55 හැවිරිදි මිගමුව අලුත්වත්ත ප්රදේශයේ පදිංචි කාන්තාවක් බව පොලීසිය සදහන් කරයි.
මිගමුව පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.