පසුගිය දා ඝාතනයට ලක් වූ ජනශක්ති සභාපති ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ සිදුවීම සම්බන්ධයෙන් ආරම්භ කර ඇති විමර්ශන කටයුතු පිළිබඳව සැක පහළ කරන බව පවසමින් ශ්‍රී ලංකා පොලිසිය දේශපාලනයෙන් මුදවා ගැනීමේ ජාත්‍යන්තර සංවිධානයේ සභාපති අජිත් ධර්මපාල ප්‍රකාශයක් සිදුකර තිබේ.
මෙම ව්‍යාපාරිකයාගේ ඝාතනය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දී නොමැති අතර එම කටයුත්ත භාර දී ඇත්තේ කිසිදු අත්දැකීමක් නොමැති පිරිසකට වීම කණගාටුවට කරුණක් බව ඒ මහතා පෙන්වා දී ඇත.
කෙසේ නමුත් නීතිය හා සාමය රැකීමේ වගකීම භාරව සිටින ටිරාන් අල්විස් අමාත්‍යවරයා මේ පිළිබඳව වැඩි අවධානයක් යොමු කළ යුතු බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ද අද වන විට අභාවයට යමින් පවතින බවත් එ් පිළිබඳව අවධානය යොමු කළ යුතු බවත් ඒ මහතා වැඩි දුරටත් පෙන්වා දෙන ලදී.
මේ වන විට මෙම සිදුවීම විමර්ශනය සඳහා යොදවා ඇත්තේ කිසිදු අත්දැකීමක් නොමැති, සාක්ෂි පසුපස හඹා යමින් විමර්ශන සිදු කිරීමේ හැකියාවක් නොමැති පිරිසක් වන බවත් මේ වන විටත් මිනිමැරුම සම්බන්ධයෙන් පැවති සාක්ෂි රාශියක් විනාශ වී ගොස් ඇති බවත් අජිත් ධර්මපාල මහතා මෙහිදී අනාවරණය කරන ලදී.
මනුෂ්‍ය ඝාතනයක් සුළුකොට තකන ස්ථානයකට අද ශ්‍රී ලංකාව මේ වන විට පත්ව තිබෙන්නේ කෙසේද යන්න සිතාගත නොහැක. අද වන විට මෙරට ජනතාවට පොලිස්පතිවරයා පිළිබඳ පවා විශ්වාසයක් නොමැති තත්ත්වයකට පත්ව ඇත්තේ මෙම දෙපාර්තමේන්තුවේ ඇතැම් පිරිස් විසින් සිදු කරන මෙවැනි බාල වැඩ නිසාවෙනිි.