ජීවිතය සොයා විදේශයන් බලා පිටව ගිය ලාංකේය කතුන් විශාල ප්‍රමාණයක් මේ වන මැද පෙරදිග රටවල් වල අසරණ වී සිටියි.
මේ වන විටත් ඕමානය වෙත විදෙස් රැකියා සඳහා පිටව ගිය මෙවැනි කාන්තාවන් රාශියක් සිර වී විවිධ පීඩාවන්ට ගොදුරු වී සිටින බව අනාවරණය වී ඇත.
ගෘහ සේවය සඳහා මෙසේ පිටව ගිය කාන්තාවන් ඒරට වැසියන්ගෙන් තාඩන පීඩනවලට ලක් වෙමින් දුක් ගැහැට විඳින්නේ මෙරට දූෂිතයන්ගේ හොරා කෑමේ න්‍යායන්ට පින් සිද්ධ වන්නටය.
කෙසේ නමුත් මෙසේ ඕමානයේ ගෘහ සේවය සඳහා පිටව ගොස් පීඩාවන්ට ගොදුරු වූ කාන්තාවන් 115 දෙනෙකුගෙන් 25 දෙනෙකු නැවත මෙරටට ගෙන්වා ගැනීම සඳහා විදේශ කටයුතු අමාත්‍යංශයේ අනුමැතිය හිමිව තිබේ.
එසේ අනුමැතිය ලබා දී ඇත්තේ විදේශ සේවා නියුක්ති කාර්යංශය මගින් මුදල් ප්‍රතිපාදන ලබාදීමත් සමග ය.
එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සඳහන් කළේ එසේ පීඩාවට පත් කාන්තාවන් 115 දෙනෙකු පමණ මේ වන විට ආරක්ෂිත නිවස්නයක රඳවා සිටින බවයි.
මෙසේ ඔවුන් රඳවා සිටින ආරක්ෂිත නිවස්නයෙහි අවම පහසුකම් හෝ නොමැති වීම හේතුවෙන් කාන්තාවන් ඉන් පැනයාමේ තත්ත්වයක් ද උද්ගතව ඇති බව විමර්ශන නිලධාරීන් සඳහන් කරයි.