මෙම වසරේ මාස 11ක් ඇතුලත සුරාබදු දෙපාර්තමේන්තුව හෙරොයින් , කොකේන්, ගංජා, අයිස් සහ නීති විරෝදී දුම් වැටි සම්බන්දව සිදු කල වැටලීම් තුලින් අත්අඩංගුවට ගත් ගණන 31342 ක් බව වාර්තා වේ. ඒ අතර කාන්තාවන් 4559ක් සිටින බව වාර්තාවේ.
එම වැටලීම් වලින් අත්අඩංගුවට ගන්නා ලද භාණ්ඩ වල වටිනාකම රුපියල් මිලියන 350ක් තරම් වන බව වාර්තා වන අතර වැරදි කරුවන් හට අධිකරණය මගින් පනවා ඇති දඩ මුදලේ වටිනාකම රුපියල් මිලියන 118ක පමණ වන බව සදහන් වේ.
තවද විශේෂයෙන්ම සුරාබදු බලපත්ර ඇති ස්ථාන වැටලීම් 3640ක් සිදු කොට පවරණ ලද නඩු විභාග වලින් මිලියන 127ක පමණ දඩ මුදල් නියම කර ඇති බව වාර්තා වේ.