කිරිපිටි ගැන නොදත් හෙළි දරව්වක් truth with චමුදිත වැඩසටහන ඔස්සේ ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී සේනක ගමගේ මහතා අතර සාකච්චාවක් පැවතුනි.
මෙම සාකච්ඡාව තුළදී කිරිපිටි සම්බන්ධයෙන් අවධානය යොමු වූ අතර වෛද්‍ය සේනක ගමගේ සඳහන් කළේ රට තුළ පැවති කිරිපිටි කිසිවක් ශරීරයට හිතකර ඒවා නොවන බවයි.එය සම්පූර්ණයෙන්ම රසායනික කුඩක් බවයි ඔහු අවධාරණය කරමින් සඳහන් කළේ.
වෛද්‍යවරයා විසින් මෙසේ කිරිපිටි සඳහා රසායනික කුඩක් වශයෙන් සඳහන් කිරීම හේතු වූයේ දොවා ගන්නා ලද නැවුම් කිරි අනෙකුත් නිෂ්පාදන සඳහා යොදා ගැනීමෙන් අනතුරුව ඉතිරිවන ශේෂ කොටස මෙසේ විවිධ රසායනික ද්‍රව්‍ය මිශ්‍ර කර මිල්ක් පවුඩර් වශයෙන් වෙළඳපොළ වෙත මුදා හරින බැවිනි.
කෙසේ නමුත් එක්තරා පැතිකඩකින් කිරිපිටි මිල ඉහළ යාම තුළින් අගහිඟකම් නිසා හෝ දරුවාට මේ විෂ කිරිපිටි ලබා දීම වැළකී තිබේ.මෙතුළින් පුංචි ළමුන්ගේ ශරීර තුළට ඇතුලු වන රසායනික ද්‍රව්‍ය ප්‍රමාණය හෝ අවම වන බැවින් යම් යහපතක් වී තිබේ.
තවද වෛද්‍යවරයා පවසා සිටියේ විටමින් ප්‍රොටීන් අඩංගු යැයි පැවසුවත් කිරිපිටිවල එවැනි පෝෂක කොටස් නැති බවයි.තවද නවසීලන්තය, ඔස්ට්‍රේලියාව වැනි රටවල දොවාගන්නා කිරිපිටි 99% ක් එම රටවල් ප්‍රයෝජනයට ගන්නා අතර ඉතිරි ප්‍රමාණය කිරිපිටි ලෙස විෂ අමුද්‍රව්‍ය සමග කිරිපිටි වශයෙන් වෙළදපොලට මුදා හරින බවයි.තවද කිරිපිටිවලින් සිදුවන හානි දායක රෝග 21ක් සොයාගෙන ඇති බවත් එය ලෝක සෞඛ්‍ය සංවිධානයේ මගින් තහවුරු කර ඇති බවද සදහන් කෙරුණි.
වැඩිදුරටත් වෛද්‍යවරයා පවසා සිටියේ අයිස් මත්ද්‍රව්‍ය හා කිරිපිටි අතර වෙනසක් නැති බවත් අයිස් භාවිතයේදී ඉක්මනින් ලෙඩ රෝග සැදී මියයන අතර කිරිපිටි භාවිතයේදී මරණය ක්‍රමක් ක්‍රමයෙන් ළගාවෙන බවයි.
මෙහිදී කිරිපිටි භාවිතයෙන් මිදිමට වෛද්‍යවරයා පවසා සිටියේ දේශීය පානයන් වෙත වැඩිදුර යොමුවෙන ලෙසත් එහිදී කොත්තමල්ලි, නිල්කටරෝලු,කොළකැද හා බත්කැද ආදී දේශීය පානයන්ට පුරුදු විමෙන් නිරෝගිව හිදිමට හැකිබවත් වෛද්‍ය සේනක ගමගේ මහතා පවසා සිටින ලදී.
බැලූ බැල්මට කිරි පිටි භාවිතා කිරීම සහ අයිස් මත්ද්‍රව්‍ය භාවිතය යනු ආයුෂ කෙටි කර ගැනීම මාර්ගයන් දෙකක් බවට ද අපට සිතිය හැක.කෙසේ නමුත් ශ්‍රී ලාංකිකයන් වශයෙන් අප දැන්වත් පිටරට දේට අත් දිගු කිරීම නවතා දමා දේශීය අපේ ගුණාත්මක දේ ඇගයීමට කටයුතු කළ යුතුව ඇත.
පාලකයන් නම් විවිධ පාඨ කියමින් දේශීය දේ අගයනවා කියමින් බලය ලබා ගත්ත ද බලයලබා ගැනීමෙන් පසු ඒ කතා කිසිවක් අසන්නට ලැබෙන්නේ නැත.දේශීය දේ ඇගයීම වෙනුවට දේශීය දුප්පත් වෙළඳ ප්‍රජාව කබලෙන් ලිපට දමමින් බදු බරින් මිරිකා දැමීමයි.