රට ලොවක් ඉදිරියේ ආඩම්බරයට පත්කරන අපේ දක්ශ තරුණ පරපුර අස්සේ ජාත්‍යන්තරය ඉදිරියේ රටේි රෙදි ගැලවූ රාජ්‍ය ඇමති කෙනෙක් හමු විය.ශ්‍රී ලංකා නාමය ලොවක් ඉදිරියේ හාස්‍යයට ලක් කිරීමට මේ අසහාය රාජ්‍ය ඇමති සමත්ව තිබේ.
අතීතයේ සිටම ශ්‍රී ලංකාවේ ජනයාගේ දක්නට ලැබෙන කැපී පෙනෙන ලක්ෂණ ලෙස නිදහසට කරුණු ඉදිරිපත් කිරීම, වංචාව, බොරුව, අසාධාරණය වැනි දේ පෙන්වා දීමට අවශ්‍ය නොවේ.ලේ වලින්ම ආපු මේ ලක්ෂණ නිසා අද වන විට සමස්ථ රටක් විනාශයට පත් වෙමින් පවතියි.
මෙහි ඇති ලජ්ජා සහගතම කරුණ නම් විදෙස් රටවල් වල මිනිසුන් පවා ලාංකිකයන්ගේ මේ ගතිය පිළිබඳ දැන සිටීම සහ ඒවා ප්‍රසිද්ධියේ ම ලොවක් ඉදිරියේ හඬ ගා කීමයි.කොපමණ ලජ්ජාවට පත් වුවත් එම වැරදි නිවැරදි කර ගැනීමට නම් කිසිසේත් අපේ අය ඉදිරිපත් නොවනු ඇත.
රටේ පාලකයින් මෙම තත්ත්වයේ ගතිගුණ වලින් ඉහළින්ම වැජඹේ.රට විකුණා හෝ බලය තහවුරු කර ගනිමින් තම මල්ල පුරාවා ගැනීම ඔවුන්ගේ එකම අභිලාෂයයි.විදේශිකයෙක් වුවත් මොහු පවසන කරුණු වල කිසිදු වරදක් නොවේ.
අන්තර්ජාතික වශයෙන් රටේ මිනිසුන්ගේ දුර්ජන ගුණ ලොවට හෙළි වී හමාරය.දැන් ඇත්තේ මෙසේ ලිහී ගොස් ඇති වස්ත්‍ර යලී පටලවා ගැනීමයි.රටේ තරුණ පරපුරේ මෙම ආකල්ප යම් මට්ටමකට නොමැතිව තිබුණ ද අද වන විට ඔවුන්ගේ ආකල්ප ද වෙනස් කර විනාශ කිරීමට මත්ද්‍රව්‍ය නම් වූ විසබීජය මෙරටට නේවමින් පවතියි.
රටේ පාලකයන්ගේ සිට පහළම පුද්ගලයා දක්වා විසිර ඇත්තේ බොරුව සහ වංචාවයි.මෙම කොරියන් නියෝජිතයා සඳහන් කරන අයුරින්ම ශ්‍රී ලංකාවේ බොහෝ ආයතන තුළ වැඩ සිදුවන්නේ ආයතනයේ ප්‍රධානියා සිටිනවා නම් පමණකි.රාජ්‍ය සේවය තුළ නම් එය හොඳින් දැක ගැනීමේ හැකියාව ඇත.
වැඩ නොකර පඩි ගන්න බලා සිටීම වැඩි වශයෙන් දක්නට ලැබෙන්නේ රාජ්‍ය සේවය තුළය.එය කොරියාව තුළ නම් කිසිසේත් සිදු වීමට ඉඩ ලබා නොදෙන අතර එරට තුළ එවැනි කටයුත්තක් කළ අයෙක් කිසිදු සමාවකින් තොරව කපා හරින බව සඳහන් වේ.එක් බොරුවක් හෝ පවසා හෝ සිදු කර හසු වුවහොත් යළිත් එවැන්නකට ඉඩ ලබා නොදී ඔහුව කපා හැරීම කොරියන් ක්රමවේදයයි.
ඔහු පෙන්වා දෙන්නේ අමෙරිකාවේ පැරණි කියමනක සඳහන්ව ඇත්තේ බොරු කියන මනුස්සයාගේ සිත තුළ වැසිකිළියක්වත් සෑදිය යුතු නොවන බවයි.අපේ රටේ නම් ඉහළින් වැජඹෙන සියල්ලන් බොරුව රජ කරමින් කටයුතු කරන්නන් වේ.
බොරුව මවා පාමින්, වංචාව ඉහඋඩ තබාගෙන රටේ මිනිසුන්ට හෙන ගැසුන ද කමක් නැත යන ආකල්පයෙන් කටයුතු කරන පාලකයන් පිරිසකගෙන් පාලනය වන රටේ, නිලධාරීන්ට සහ සේවා ලාභීන්ට කුමක් වුවත් අප හොඳින් සිටිය යුතුය යන මතය දරමින් කටයුතු කරන රාජ්‍ය ආයතන මෙන්ම පෞද්ගලික අංශයේ ආයතන ද ඇති රටක අනාගතය කෙසේ ලියවේදැයි අපට සිතා ගත නොහැක.
ලොව දියුණු රටවල් අතර සිටින කොරියාව අමෙරිකාව යන රටවල් වල පාලන පද්ධතිය තුළ බොරුව වමංචාව යන වචන
කොරියන් නියෝජිතයා සඳහන් කරන අයුරින් සත්‍ය තමයි වැදගත්ම කරුණ.ඔවුන්ගේ රටවල් තුළ ප්රමුඛ ස්ථානය ගෙන ඇත්තේ රාජකාරියයි.එනිසාම ඒ රටවල් අද ලොව දියුණුම රටවල් අතර සිටියි.බෞද්ධ රටක් වශයෙන් සැලකුව ද බෞද්ධ රටේ සිදුවන දේ පිළිබඳ රටක් ලෝකයක් බලා සිටින්නේ එතරම් පැහැදීමකින් නොවේ.