රාජ්‍ය ආයතන දූෂිත වන්නේ රාජ්‍ය ආයතන ප්‍රධානීන්ගේ නොහැකියාව නිසාය.ආයතන ප්‍රධානීන් නිසි ලෙස තම යුතුකම වගකීම් සහ රාජකාරිය ඉටු කරන්නේ නම් පහළ සිටින රාජ්‍ය නිලධාරීන් ද තම කොටස නිසි ලෙස ඉටු කරති.
කෑගල්ල දිස්ත්‍රික් ලේකම් වනුයේ සබරගමුව පලාත් හිටපු අධ්‍යාපන ලේකම් මහින්ද වීරසූරියයි.ඔහු සබරගමුව පළාත් අධ්‍යාපන ලේකම් සමග සබරගමුව පළාතේ පාසල් පද්ධතිය විඳවැටුනි.ඒ ඔහු යහපාලන රජය බිඳ වැට්ටවීම සඳහා පාසල් පද්ධතිය භාවිත කළ බැවිනි.ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති වී මාස කිහිපයක් ගත වීමටත් පෙර මහීපාල හේරත් රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජානක වක්කුඹුර යන මහත්වරුන්ගේ සුභාශිංෂණ මැද ඔහු කෑගල්ල දිස්ත්‍රික් ලේකම් වී කෑගල්ලට ගියේ ය.එය සැබවින්ම ඔහු යහපාලන රජය වැනසීමට තම රාජ්‍ය පුටුව භාවිතා කිරීම වෙනුවෙන් ලබන ලද ත්‍යාගයකි.
අප වාර්තා කරන කරුණ සිදුවන්නේ කෑගල්ල දිස්ත්‍රික්කයේ අංක 110 දරන යබුන්වල ,කෑගල්ල ලිපිනයේ ආර්.ඒ.සුනිල් රාජපක්ෂ පදිංචි ඉඩමකය.මෙහිදී සිදුවන්නේ මෙම රාජ්‍ය නිලධාරීන් බලහත්කාරයෙන් ඉඩමක් මැනීමය.මෙම ඉඩම් මැනීමට හෝ අත්පත් කර ගැනීමට රාජ්‍ය නිලධාරීන්ට කිසිදු නීතිමය බලයක් නැත.ඉඩම් අත්පත් කර ගැනීමට කටයුතු කළ යුත්තේ 1979 අංක 07 දරණ රජයේ ඉඩම් සන්තකය ආපසු ලබා ගැනීමේ පනතට අනුවය.මෙම වීඩියෝව තුළින් බලන විට පැහැදිලිව දක්නට ලැබෙන්නේ තනිකරම බලහත්කාරකමකි.ඒ අනුව මෙම නිලධාරීන්ට විරුද්ධව ඉහත නම් සඳහන් සුනිල් රාජපක්ෂ විිසින් කෑගල්ල පොලිසියට පැමිණිල්ලක් ද ඉදිරිපත් කර තිබේ.කෑගල්ල පොලිසිය නිසි ලෙස රාජකාරිය ඉටු කරන්නේ නම් මෙම රාජ්‍ය නිලධාරීන්ට විරුද්ධව ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 98, 102, 107, 109, 110, 112, 120, 138, 139, 150,162,175,261,289,327,341,342,343,372,379,408,483 යන වගන්තීන් වලින් අපරාධ නඩු පැවරිය යුතුය.
එය එසේ කළ යුතු බවට නීතියක් පවතින්නේ එනිසා ය.ඊට අමතරව දිස්ත්‍රික් ලේකම්වරයා ද මෙම නිලධාරීන්ට විරුද්ධව ආයතන සංග්‍රහය යටතේ කටයුතු කළ යුතුය.පොලිසිය ද තම රාජකාරිය එසේ ඉටු කල යුතුව ඇති අතර දිස්ත්‍රික් ලේකම්වරයා ද එය කළ යුතුය.එය සම්මත නීතියයි.නමුත් එසේ කිරීමට නම් දිස්ත්‍රික් ලේකම්වරයා දේශපාලනය වන්දි බට්ටෙක් නොවිය යුතුය.ඔහු දේශපාලන වන්දි බට්ටෙක් නොවේනම් නීතිය හොඳින් රැකගෙන රාජ්‍ය නිලධාරීන්ට විරුද්ධව ගත යුතු නිසි ක්‍රියාමාර්ග ගනු ඇත.