නොරොච්චෝලේ බලාගාරයේ දැනට ක්‍රියාත්මකව පවතින ජනන යන්ත්‍ර දෙක සඳහා පවතින ගල් අඟුරු තොග ජනවාරි මස 08 වනදා තෙක් ප්‍රමාණවත් බවයි ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රකාශ කළේ.
ජනවාරි මස ගල් අඟුරු නෞකා 06ක් දිවයිනට ළඟා වීමට නියමිත බව ද ලංකා විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී රොහාන් සෙනෙවිරත්න මහතා සඳහන් කළේය.
එමෙන්ම ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේ සාමාන්‍යෙයන් එක් ගල් අඟුරු නෞකාවක් යොදා ගනිමින් නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ ජනන යන්ත්‍ර තුනම පූර්ණ ධාරිතාවයෙන් දින 10ක් ක්‍රියාත්මක කළ හැකි බවයි.