බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ප්‍රකාශ කළේ නොවැම්බර් මාසයේ දී ලංකා විදුලිබල මණ්ඩලය රුපියල් බිලියන 35.6ක ආදායමක් උපයා ඇති බවයි.
පසුගිය ඔක්තෝබර් මස ආදායම රු.බිලියන 33.6ක් බව ද අමාත්‍යවරයා විසින් සිය ට්වීටර් ගිණුමේ සඳහන් කර තිබුණි.
එමෙන්ම එළඹෙන මාසයේ දී බලාගාර ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය නැප්තා සහ ඩීසල් මිලදී ගැනීමට රු.බිලියන 35ක් සහ ගල් අඟුරු මිලදී ගැනීම සඳහා රු.බිලියන 38.45ක් ද වැය වන බව එහි වැඩිදුරටත් සඳහන් කර තිබේ.