මෙරට රාජ්‍ය සේවය තුලනාත්මක ආකාරයෙන් පවත්වාගෙන යාම සඳහා පත්කරන ලද කමිටුවේ නිර්දේශ මේ වන විට අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
අග්‍රාමාත්‍ය ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් යුක්ත කමිටුවක් පසුගිය දා පත්කරන ලද්දේ වයස අවුරුදු 60 සම්පූර්ණ වන රාජ්‍ය සේවකයින් විශ්‍රාම යාම හමුවේ රාජ්‍ය සේවය තුලනාත්මක ආකාරයෙන් පවත්වාගෙන යාම සඳහා වන තීන්දු තීරණ ගැනීම සඳහාය.
ඒ අනුව මෙම වසරේ අවසන් දිනය වන හෙට (31) දිනයෙන් විශ්‍රාම යාමට නියමිත රාජ්‍ය සේවකයින් පිරිසගෙන් ඇති වන පුරප්පාඩු සම්බන්ධයෙන් සොයා බලා ඊට අදාළ නිර්දේශ ලබා දීමේ වගකීම මෙම කමිටුවට භාර වී තිබේ.
එම පුරප්පාඩු සඳහා අවශ්‍ය සීමිත බඳවා ගැනීම් ඇත්නම් එම බඳවා ගැනීම් සඳහා නිර්දේශයන් අදාළ කමිටුව විසින් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන වෙත භාරදිය යුතු අතර ඉන් අනතුරුව අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.