හෙට 2022 දෙසැම්බර් මස 31 වැනිදාය. ශ්‍රී ලංකාවේ රාජ්‍ය පරිපාලන සේවයේ නිලධාරීන් කිහිපදෙනෙකුම හෙට විශ්‍රාම යාමට නියමිතව තිබේ. එම හිස් වන තනතුරු සඳහා තමන්ගේ නම යෝජනා කරගැනීමට විවිධ නිලධාරීන් මේ වන විටත් දේශපාලඥයන් පසු පස වන්දනාවක යමින් සිටි.
තමන්ට හිතවත් මාණ්ඩලික නිලධාරීන් පත්කරවා ගැනීම සඳහාද දේශපාලන තරඟයක් ඇතිව තිබේ. එම තරඟයේ ඉහලින්ම සිටින්නේ පොදුජන පෙරමුණය. මේ වන විටත් බොහෝ දිස්ත්‍රික් ලේකම්වරුන් මෙන්ම විවිධ තනතුරු දරන මාණ්ඩලික ශ්‍රේණියේ නිලධාරීන් ඔවුන්ගේ ගජ මිතුරන්ය.
කෙසේ නමුත් මේ තරඟය තුල ජනාධිපතිවරයාට සමීප නියෝජිතයෙකුට දුරකථන ඇමතුම් විශාල වශයෙන් පැමිණෙමින් තිබෙන්නේ මෙම පත්වීම් සඳහාය. ඔවුන්ගේ පිළිතුර වී තිබෙන්නේ එම පත්වීම් සකසන්නේ අග්‍රාමාත්‍යවරයා බැවින් තමන් ඒ සඳහා මැදිහත්ව නොවන බවය.
මාණ්ඩලික ශ්‍රේණියේ බොහෝ උසස් නිලධාරීන් ප්‍රධාන පක්ෂ දෙකේම දේශපාලඥයන් සමග සමීප සබඳතා පවත්වති. මේ පත්වීම් දැන් අච්චාරුවක් බවට පත්ව තිබෙන නමුත් ජනාධිපතිවරයාගේ තීක්ෂණ බුද්ධියට ගලපමින් අනාගත මැතිවරණ ඉලක්ක කරගනිමින් දේශපාලනයක් නොකරන හෝ තමන්ට හිතවත් නිලධාරීන් එසේ හිස්වන ස්ථානවලට පත්කර ගත යුතුය. එසේ නොමැති වුවහොත් නැවත නැවතත් පීඩා විඳින්නේ මෙරට ජනතාවමය.
මේ අතර ගුවන් හමුදාධිපති සුදර්ශන පතිරණ මහතා හෙට (31) විශ්‍රාම ගත යුතුව තිබේ. ඔහු ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පැරණිතම සමීප මිතුරෙකි. ඔහු විශ්‍රාම යාමට නියමිතව තිබුනේ 2020 වර්ෂයේය. නමුත් ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් වර්ෂය බැගින් වූ සේවා දිගු දෙකක් ඔහුට ලබා දුන්නේය. ඒ හේතුවෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සිටි දක්ෂතම ජේෂ්ඨ නිලධාරීන් කිහිපදෙනෙකුටම ගුවන් හමුදාධිපති පුටුව පෙනී පෙනී විශ්‍රාම යාමට සිදු විය. එයාර් වයිස් මාෂල් තුයියාකොන්තා, එයාර් වයිස් මාෂල් පායෝ වැනි කෙලින් වැඩකළ දක්ෂ නිලධාරින්ට නිකන්ම ගුවන් හමුදාවෙන් යාමට සිදු විය. ශ්‍රී ලංකාවේ මහජනතාවට අයත් හමුදාවක් ලෙස එය ජනතාව ලැබූ දැවැන්ත පරාජයකි. ගෝඨාභය රාජපක්ෂ යනු රටින් පලා ගිය ජනාධිපතිවරයෙක් බැවින්, ඔහුගේ සමීපතමයන් ගැනද අමුතුවෙන් ලියන්නට යමක් නැත. ඔවුන්ද අසමතුන් බව ඔප්පු වී අවසන්ය. සුදර්ශන පතිරණ මහතාද අසමත් ගුවන් හමුදාධිපතිවරයෙකු බව අප සාක්ෂි සහිතවම අනාවරණය කර තිබේ. නමුත් පවතින රජය හෝ පැවති රජයන් සත්‍ය මාධ්‍ය වාර්තා පසෙකට දමා තමන්ගේ හිතවතුන් වෙනුවෙන් කටයුතු කරන බව අමුතුවෙන්ම ලියන්නට ද දෙයක් නැත. සුදර්ශන පතිරණ මහතාගේ දූෂිත ගනුදෙනු, කටයුතු, නීතිවිරෝධී ක්‍රියාවන් ගණනාවක්ම, රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරයා වීමට පෙර අප හෙළිදරව් කර තිබේ. නමුත් කමල් ගුණරත්න මහතා ප්රමුඛ ආරක්ෂක අමාත්‍යංශයේ මාධ්‍ය කේන්ද්‍රය සිදුකලේ අපගේ ලිවීමට විරුද්ධව කටයුතු කිරීමය. එම සිදුවීම මේ වන විට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂමට සහ ගරු ශ්‍රේඨාධිකරණයට මෙන්ම එක්ෂත් ජාතීන්ගේ සංවිධානය දක්වාම ගොස් අවසන්ය.
කෙසේ හෝ ගුවන් හමුදාධිපති සුදර්ශන පතිරණ මහතාට තවත් මාස 6 ක් සේවා දිගුවක් ලබා දී තිබෙන බව ගුවන් හමුදා ආරංචි මාර්ග සදහන් කරයි. ඒත් සමගම ඔහුගේ ගෝලයෙකු ගුවන් හමුදා පුටුවේ වාඩි කරවීමට ඔහු දැඩි උත්සාහයක යෙදෙන බවද ආරංචිමාර්ග පවසයි. කෙසේ නමුත් මාස 6 ක සේවා දිගුව ලබා දුන් ලිපිය සියැසින් දුටු පුද්ගලයෙකු නැත. එසේම වර්තමානයේ සිටින රාජ්‍ය ආරක්ෂක ලේඛ්ම්වරයා, යුධ හමුදාධිපති, ගුවන් හමුදාධිපති මෙන්ම පොලිස්පතිවරයාද මහජනතාවගේ දෝෂදර්ශනයට ලක්ව සිටින ආරක්ෂක අමාත්‍යාංශයට අයත් ඉහලම නිලයන්ය. බුද්ධි වාර්තා නිසි ලෙසම ජනාධිපතිවරයාට ලැබෙන්නේ නම් ඒවා එහි සඳහන්ව තිබිය යුතුය.
එසේම ගෝඨාභය රජය පත් වූ වහාම යහපාලනයට එරෙහිව කටයුතු කල මාණ්ඩලික නිලධාරීන් උසස් තනතුරුවලට පත් විය. උදාහරණයක් ලෙස කෑගල්ල දිස්ත්‍රික් ලේකම් මහින්ද වීරසූරිය මහතා එකල සබරගමුව පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් විය. සබරගමුවේ පාසල් වල තිබෙන ප්‍රශ්න විසදීමට ඔහු කටයුතු නොකළ අතර පාසල් වල ප්‍රශ්න ඇති කරන ලදී. ඒ හේතුවෙන් අම්බැවිල වජිරවංශ පාසලේ දෙමාපියන් කිහිප දෙනෙකු ඔහුට විරුද්ධව ගොඩකවෙල පොලිස් ස්ථානයට පැමිණිල්ලක්ද ඉදිරිපත් කර තිබේ. නමුත් එම පැමිණිල්ල තවමත් විභාග කර නැත. දැන් ඔහුගේ ඊලඟ පිම්ම වී තිබෙන්නේ සබරගමුවේ පළාත් ලේකම්වරයා වීමටය. වැඩ බැරි ටාසන්ලා මෙන්ම දේශපාලනය කරමින් උසස්වීම් ලබා ගෙන තිබෙන සියලුම නිලධාරීන් මෙරටට තිබෙන ප්‍රධාන සාපයක් බව වර්තමාන ජනාධිපතිවරයා හදුනාගෙන තිබෙන බව අප දුටුවේ 2015 රාජ්‍ය සේවයට අලුතින් බදවා ගන්නා පුද්ගලයන්ට විශ්‍රාම වැටුප නොදීමට ගත තීරණය නිසාය .
ජනාධිපතිවරයා සඳහන් කරන පරිදි ඔහු දේශපාලනය නොකලත්, යටින් දේශපාලනය නොකර රට කෙලින් කිරීමට නොහැකිවනු ඇත. එබැවින් සියලුම පත්වීම් සහ සේවා දිගු ලබාදීමේදී ඔවුන් සියලුම දෙනාගේ දේශපාලන අතීතයන් සෙවීමට සිදු වේ. එසේම ජනාධිපතිවරයාගේ සමහර සමීපතමයන්ද, විරුද්ධ පක්ෂ සමගද සමීපතවම කටයුතු කරයි. එසේම ජනතාව දැඩි ලෙස ප්‍රතික්ෂේප කර තිබෙන ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතාගේද සමීප සබඳකම් තිබෙන පුද්ගලයන්ද ජනාධිපතිවරයා සමග එකට කටයුතු කරයි. එබැවින් ආරක්ෂක ලේකම්වරයාගේ සිටම පහලට සියලුම දේශපාලන පත්වීම් මෙන්ම දේශපාලනයෙන් උසස්වීම් ගත්තෝද, විවිධ දූෂණවලට සම්බන්ධ නිලධාරීන්ද උපක්රමශීලීව තනතුරුවලින් පහකිරීමට ජනාධිපතිවරයාගේ අවධානය යොමු නොකළ හොත් මටද කණගාටුවෙන් වුවත් ලියන්නට වන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව වෙනුවෙන් 2022 මැයි මස 9 වැනිදා මා ලියු ලිපියමය. එහි සදහන් වන්නේ “ගෝඨාභයටත් ගඩාෆිට සිදු වූ දේම වන ලකුණු” ලෙසයි. මා සදහන් කල ආකාරයට කටයුතු සිදු නොකර සහ තව තවත් ගැඹුරින් අධ්‍යයනය නොකර කටයුතු කරන්නේ නම් “ ගඩාෆිට සහ ගෝඨාභයට සිදු වූ දේම රනිල්ටත් වන ලකුණු” ලෙස නොබෝ දිනකින්ම ලිපියක් ලිවීමට සිදු වේ.
අපට සාමකාමී රටක් අවශ්‍යයි. අපගේ දරුවන්ටද එසේමය. නමුත් දූෂිත රාජ්‍ය නිලධාරීන්ට අවශ්‍ය ලෙස තව දුරටත් මෙරට විනාශ කිරීමට ඉඩ නොතැබිය යුතුය. අරගල සමයේ මා ලියු ලිපි දෙස අවධානය යොමුකරමින් කටයුතු කලේ නම් මෙරට ආරක්ෂක අංශවල ගරුත්වය අනිවාර්යෙන්ම සුරැකේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවන විට ජනතාවගේ හිතේ, ඔහු වෙනුවෙන් ලිය වී තිබු ගරුත්වය සහ බලපොරොත්තුවද බිද වැටී ගොසිනි. එය සිදුවන්නේ ජනාධිපති ලේඛම් කාර්යාල මුදවා ගත් දිනයේ “ගෝඨා ගෝ ගමට” පහර දුන් නිසාය. එබැවින් දැන් ජනාධිපතිවරයා කටයුතු කලයුත්තේ රට තුල තිබෙන දේශපාලන අර්බුධය නිසි ලෙස හදුනාගෙන වන අතර සියලුම පත්වීම් පවා ලබා දිය යුත්තේ මහජන සුභ සිද්ධිය පදනම් කරගනිමිනි. එසේම වැඩ නොකරන රාජ්‍ය නිලධාරීන්ට ආයතන සංග්‍රහයට සහ ලංකා දණ්ඩ නීති සංග්‍රහය යටතේ දඩුවම් ලබා දෙමින් මෙරට නීතිය නිසි ලෙස ක්‍රියාත්මක වන තැනට සියලුම කටයුතු සිදුකල යුතුව තිබේ. ඒ අතර නව පරපුරක් බිහිකිරීමට අවශ්‍ය තරුණ සහ ප්‍රජා සංවර්ධනය පිලිබඳව පණත් ද සැකසිය යුතුව තිබේ.
ශ්‍රී නිශ්ශංක මායාදුන්න. උපාධි අපේක්ෂක (OUSL ) – තරුණ සහ ප්රජාසංවර්ධනය. පොදුරාජ්‍ය මණ්ඩලීය එක්සත් තරුණ සංවර්ධිතයන්ගේ සංගමයේ සාමාජික
0717538677
0717538677