රට තුළ පවත්නා අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් කැබිනට් මණ්ඩලය විසින් කැබිනට් අමාත්‍යවරුන්ගේ අගෝස්තු මස වැටුප කොවිඩ් 19 අරමුදල සඳහා පරිත්‍යාග කිරීමට තීරණයක් ගෙන ඇත.
මෙම යෝජනාව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කළ අතර එයට කැබිනට් අනුමැතිය හිමිව ඇත.