වෙරිමතින් මත්වී තවත් පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් පහර දී කරන ලද ඝාතනයක් උඩුගම ප්රදේශයෙන් වාර්තාවේ.
මිය ගිය පුද්ගලයාගේ නිවසේ පැවති මත්පැන් සාදයක් අතර තුර සාදයට පැමිණි අයකු හා නිවෙස් හිමියා අතර ඇති වූ ආරවුලක් දුර දිග යාමෙන් නිවෙස් හිමියාට තියුණු ආයුධයකින් පහරදීම නිසාවෙන් මෙම මරණය සිදුව තිබේ.
මරණයට පත් පුද්ගලයා නාකියාදෙණියේ පදිංචි 78 වියැති පුද්ගලයකු බව වාර්තාවේ.
චුදිතයා අත්අඩංගුවට ගෙන ඇති අතර වැඩිදුර පරීක්ෂන උඩුගම පොලීසිය මගින් සිදුකරනු ලබයි.